Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානුවන් හමුවේ මුහුණපා සිටින ‘සම්පූර්ණ සුද්ධයෙන්’ මිදීමට නම් තමන්ගේ පිතිහරඹය සම්බන්ධයෙන් පවතින සියලු උපක්‍රම වහාම වෙනස් කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබේ. ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගත් නමුත් එක්දින තරග සම්බන්ධයෙන් තමන්ගේ කීර්තිනාමය රැකගැනීම සඳහා ශ්‍රී ලංකාවට සාජා ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) පැවැත්වෙන අවසන් එක්දින තරගය ඉතාමත් වැදගත් වී තිබේ.
වෙනත් ආකාරයකින් කියන්නේ නම් ශ්‍රී ලංකාවට ඉතිරිවී ඇත්තේ පිදුරු ගහක එල්ලී හෝ තමන්ගේ ගෞරවය රැකගත යුතු තත්ත්වයකි. ශ්‍රී ලංකාව යනු එක වරක් ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමක් පමණක්ම නොවේ. අවසන් වරට පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලි තුනෙන් දෙකකදීම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් කණ්ඩායමකි.
එවන් සාඩම්බර වාර්තාවක් හිමි ශ්‍රී ලංකා කණ්ඩායම මාස හතර හමාරක් තුළ පිට පිටම එක්දින තරග 11 ක් පරාජය වී සිටී. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් එක දිගට ලද දීර්ඝතම එක්දින පරාජයන් වැලයි. එහි අවසන් පුරුක වන්නේ සිකුරාදා සාජාහිදී පාකිස්තානුවන් හමුවේ ලද කඩුලු 7 ක පරජයයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණය වාර්තා වන්නේ මේ වසරේ ජූලි 6 වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිවය.
“අපි ක්‍රීඩා කළ ආකාරය ගැන තියෙන්නේ ඉතාමත් දැඩි කණගාටුවක්”
“මේ දේවල් හරියට කරන්නේ කොහොමද කියලා අපි ගොඩාක් කතාබහ කළා. ලකුණු ලබාගැනීමේ අවස්ථාව හුවමාරු කිරීම..., හතරේ හෝ හයේ ඒවා ගැසීම වගේ දේවල්. ඒත් ඒ කිසිම දෙයක් හරියට වැඩකරන්නේ නෑ” යයි සිකුරාදා තරගයෙන් පසුව වාර්තාකරුවන් හමුවේ පැවසූ තිරිමාන්න...
“තව එක තරගයයි තියෙන්නේ....අපට ඒක අතහරින්න බෑ. කොහොම හරි ඒක දිනාගන්න ඕනෑ” යයිද පැවසීය.
සිවුවැනි තරගයේදී තිරිමාන්න ලකුණු 62 ක් ලබාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා ගෙනයාමට නොහැකි විය. පිතිකරුවන් අසාර්ථක වීම නිසා එහිදීත් ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 173 ක් පමණි.
මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම එක්දින තරගාවලි දෙකකදී 5-0 පරාජයන් දෙකකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටී. කණ්ඩායමේ උත්සාහය එය වළක්වා ගැනීමයි. මේ වසර මුලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් හමුවේ 5-0 ක තරගාවලි පරාජයකට මුහුණ දුන් හෙයින් තත්ත්වය වඩාත් අවදානම් වී තිබේ.
“අපේ පිතිකරුවන් මේ වෙලාවේ වගකීම බාරගත යුතුයි. මේ තරගාවලිය පුරාම අපේ පිතිකරුවන්ට 35 වැනි ඕවරය පසුකර යන්න බැරිවුණා. මේක ඉතාමත් බරපතළ කාරණයක්. අපි සියලු දෙනාම (මාත් ඇතුළුව) මේ වගකීම බාරගත යුතුයි” යයි සිකුරාදා තරගයෙන් අනතුරුව උපනායක ළහිරු තිරිමාන්න පැවසීය.
තිරිමාන්න පවසන ආකාරයට ශ්‍රී ලංකා පිලේ ප්‍රශ්නය ඇත්තේ ක්‍රීඩාවේ තාක්‍ෂණය සම්බන්ධයෙන් නොවේ. ක්‍රීඩකයන්ගේ මානසික ස්ථාවරයෙහිය.
“අපේ තාක්‍ෂණයේ ප්‍රශ්නයක් ඇතැයි කියලා නම් මා හිතන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මානසික ප්‍රශ්නයක්...අපට හැකියාවන් තියෙනවා. මේක හොඳ කණ්ඩායමක්. ඒත් මේ (ඇති තරම් ලකුණු ලබාගැනීමේ) ප්‍රශ්නය විසඳාගන්න අපට බැරිවෙලා තියෙනවා. ඒ නිසා හැමදාම අප දුර්වල වෙනවා” යයිද තිරිමාන්න පැවසීය.
ඔට්ටුකරුවන්ගේ නියෝජිතයකු පාකිස්තානු නායකයාට අල්ලස් දීමට උත්සාහ කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වය නිසා පාකිස්තානු පිල තරමක විපිළිසර තත්ත්වයකට පත්ව සිටියද ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිම ආකාරයේ ගැටුළුවන් පෙනෙන්නට නැත. ඇත්නම් ඒ ආරම්භක පිතිකරු ෆකර් සමාන් ලකුණු අතර නොසිටීම පමණි.
පාකිස්තානු පිලේ පන්දු යැවීම මේ වන විට ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතරම ජ්‍යෙෂ්ඨයන්ගෙන් සහ නවකයන්ගෙන් මිශ්‍රණය වූ පිතිකරු හමුදාව මෙල්ල කරගැනීම ඉතාමත් අසීරු කාර්යයක් වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.