Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්ජාබයේ මොහාලි නුවරදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී තමන් පීඩනයෙන් මිදී ඇතැයි ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කියයි. එස්.අයි. බින්ද්‍රා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි කොටස විදුලි ආලෝකය යටතේ පැවැත්වෙන නමුත් මෙය දිවා රාත්‍රී තරගයක් නොවේ.
තරගය හෙට පෙරවරු 11.30 ට ආරම්භ වන අතර සවස් වන විට මොහාලි ක්‍රීඩාංගණයේ උෂ්ණත්වය බෙහෙවින් පහළ බසින හෙයින් පස්වරු 6.30 ට පමණ තරගය අවසන් වීමට නියමිතය. දෙසැම්බර් මාසය වන බැවින් මොහාලි ප්‍රදේශය තද මීදුමකින්ද වැසී පවතී.
පළමු තරගයේදී ලද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ යහපත් මානසිකත්වයකිනි. හෙට තරගය ජයගත හැකිවුවහොත් තරගාවලිය ජයගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකා පිලට තිබේ.
“එක් හොඳ තරගයක්. තරග 12 කට පසුව අපි ලැබූ පළමු ජයග්‍රහණය”
“දැන් අපේ අවධානය යොමුවෙලා තියෙන්නේ අනෙක් තරග සදහා. අපේ පන්දු යවන්නන් වෙනුවෙන් 200්‍ර ක් අපි අවධානය යොමු කරනවා. එදා තරගයේදී විශිෂ්ඨ ලෙස ඔවුන් පන්දු යැවූ අතර කඩුල්ලේ හරි තැන්වල පන්දුව පතිත කළා. ඒක නිසා අපිට සාර්ථක වෙන්න ලැබුණා” යැයි මොහාලිහිදී පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පැවසීය.
මොහාලි ක්‍රීඩාංගණයේ තත්ත්වය පිළිබඳව පැවසූ තිසර පෙරේරා....
“මම දන්නවා මෙහේ තත්ත්වය. වසර ගණනාවක් මම කිංග්ස් XI පංජාබ් කණ්ඩායමට ක්‍රීඩාකරලා තියෙනවා. මෙහි තණතීරුව පන්දුවට පහරදීම සදහා වඩාත් යෝග්‍යයි. ඊළඟ තරගයේදී වැඩි ලකුණු සංඛ්‍යාවකට යෑමට හැකිවෙයි. අපට එම තත්ත්වය පාලනය කිරීමට හැකිවෙයි” යයිද පැවසීය.
පළමු තරගයේදී විශිෂ්ට පන්දු යැවීම නිරත වූ නමුත් පසුව ආබාධයකට ලක්වීම නිසා ක්‍රීඩාගාරයට ගිය සුරංග ලක්මාල්ගේ තත්ත්වය ඉතා යහපත් නමුත් අකිල ධනංජය හෙට තරගයට ක්‍රීඩා නොකරන බව තිසර පෙරේරා පැවසීය.
“අපිට කිසිම පීඩනයක් නෑ. තවත් එක් තරගයක් විතරයි ජයගන්න තියෙන්නේ”
“සියළු දෙනාම දන්නවා අපි හෙට තරගය ජයගතහොත් තරගාවලියද ජයගැනීමට හැකිබව. අපි සියලුදෙනාම 200්‍ර ක් උත්සහ කරනවා. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා” යයිද පැවසීය.
“අපිට හොඳ අවස්ථාවක් තියෙනවා තරගාවලිය ජයගන්න. ඉතිහාසයේ පළමු තරගය. මම දන්නවා තරගාවලිය ජයගන්න අපිට මේක හොඳ අවස්ථාවක්. හොඳ අවස්ථාවක් තියෙනවා තරගාවලියේ පෙරමුණ ගන්න. අපිට ඕනි දිනන්න සහ තරගාවලිය 2-0 කින් ජයගන්න” යැයි තිසර පෙරේරා පැවසීය.
පිට පිට එක්දින තරග 12 ක් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාවට මොහාලිහිදී පැවැති පළමු එක්දින තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට හැකිවීම ඉඩෝරයට වැටුණු පොද වැස්සක් මෙන් විය. දෙවැනි එක්දින තරගය ඉන්දියාවටද තීරණාත්මක තරගයක්වන අතර තරගාවලියේ රැඳී සිටීමට නම් හෙට පැවැත්වෙන තරගය ජයගත යුතුව ඇත.
තම මව් රටේදී පැවැත්වෙන දිර්ඝ තාරගාවලියකදී පරාජයට පත්වීම නිසා වේදනාවක් නොදැණුනත් සියල්ලන්ගේම ඇස් ඇරවීමට පසුගිය තරගයේදී සමත්වී ඇත. ඊඞ්න් ගාර්ඞ්න්හිදි පැවැති ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් හමුවේ යටත්වූ ඉන්දිය පිත්කරුවෝ නැවත වතාවක් පන්දුවේ දෝලනය හමුවේ පරාජයට පත්වූහ.
ධරම්ශාලාහිදි මෙන්ම ශීත දේශගුණයක් චන්දිගාර්හිදිත් පවතින අතර දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය උදෑසන 11.30 තරගය ආරම්භකරන බැවින් වේගපන්දු යවන්නන්ට උදෑසනම පිටියට පිවිසිීමට සිදුවනු ඇත. පළමුව පන්දුවට පහරදෙමින් තරගය ජයගැනීමට හැකිවේද යන්න හෙට තරගයේදී ඉන්දියාව මුහුණපා ඇති තවත් ප්‍රශ්නයකි.
ධරම්ශාලාහි පැවැති තරගයේදී පළපුරුදු පිතිකරුවන් වන රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ඉක්මනින්ම දැවි ගියද සාර්ථක ආරම්භයක් ලබාගනිමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රියාස් අයියර්, දිනේෂ් කාර්තික් සහ මනීෂ් පාන්ඬේ අසමත්වූහ. එහෙත් සුරංග ලක්මාල් පිට ඉන්න ආසන්නයෙන් යවන ලද පන්දු මගහරිමින් ලකුණු ලබාගැනීමට උපායශීලීයකු වන මහේන්ද්‍ර සිං දෝනි සමත්විය. කෙසේ වෙතත් දෝනිගේ සටන්කාමී ලකුණු 65 නොතිබෙන්නට එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දියාව අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යාමට ඉඩ තිබිණ.
විරාට් කෝලි එක්දින තරගාවලිය සදහා එක් නොවීම හේතුවෙන් රෝහිත් ශර්මා නායකත්වය දැරුවද මෙය ඔහු නායකත්වය දැරූ පළමු එක්දින තරගය නොවේ. ධරම්ශාලාහිදී ලැබූ අන්ත පරාජයෙන් පාඩම් ඉගෙනගෙන අනෙක් තරග දෙක සදහා නැවත පැමිණෙන බව රෝහිත් ශර්මා පොරොන්දුවී ඇත.
“ශක්තිමත් වෙන්න සහ ඉදිරියේදී හොඳ දෙයක් කිරීමට ඒක බොහොම වැදගත්. ඒකෙන් අපි සියලු දෙනාගේ ඇස් ඇරුණා” යයි කඩුලු 7 ක පරාජයෙන් පසුව රෝහිත් ෂර්මා පැවසීය.
රෝහිත් සහ ධවාන් ආරම්භක පිතිකරුවන් වශයෙන් සිටින බැවින් ඔවුන්ට ආබාධයක් සිදුවුවහොත් එක්කර ගැනීමේ අරමුණින් පළමු තරගයේදී කණ්ඩායමට එක්කර නොගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇත.
කෙසේ වෙතත් එක්දින තරග 84 ක් ක්‍රීඩාකර ඇති රහනේ අවස්ථා කිහිපයකදී මැද පෙළ පිතිකරුවකු වශයෙන් ක්‍රීඩාකර ඇත. පන්දු යැවීමේ අංශය ගත් කළ හර්දික් පාණ්ඩ්‍යයාගේ පන්දු යැවීම පිළිබඳව කණගාටුවන අතර රැස්කළ ලකුණු 112 ආරක්‍ෂාකර ගැනිමට ඔහුට නොහැකිවිය.
ලබන මස දකුණු අප්‍රිකාවේදි පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් තෝරාගෙන ඇති පාණ්ඩ්‍යයා තම දක්ෂතා ඉහළ මට්ටමක පවත්වා ගත යුතුව ඇත.
ඉන්දිය කණ්ඩායම
රෝහිත් ශර්මා (නායක), ශිකර් ධවාන්, අජින්ක්‍යා රහනේ, ශ්‍රියාස් අයියර්, මනිෂ් පාණ්ඬේ, වොශින්ටන් සුන්දර්, ඩිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩ්‍යා, ඇක්සා පටෙල්, කුල්දීප් යාදව්, යුස්වේන්ද්‍ර චහල්, ජස්ප්‍රීට් බුම්රා, බුවනේෂ්වර් කුමාර්, සිද්දාර්ත් කවුල්.
ශ්‍රී ලංකා කණ්ඩායම
තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, සචිත් පතිරණ, කුසල් පෙරේරා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.