Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව ලකුණු 473 ක් පසු පසින්

ශ්‍රී ලංකාව ලකුණු 473 ක් පසු පසින්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සහ අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (25) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් රැස්කර අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

ශ්‍රී ලංකා පිල ඒ වන විට කඩුලු 6 ඇතැතිව තවත් ලකුණු 473 ක් පසු පසින් සිටියේය.

දෙවැනි දිනයේ ක්‍රීඩාව අත්හිටුවන විට පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 51)  සහ සොනාල් දිනූෂ (නොදැවී 24) පන්දුවට පහර දෙමින් සිටියහ. පසිඳු ඒ වන විට පන්දු 130 ක් කඩුල්ල රැකගැනීමට සමත්ව සිටියේය.

කමිල් මිෂාර පන්දු 94 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 44 ක් ලබා සිටියදී ඉදිරියට පැමිණ පහරක් ගැසීමට ගොස් දැවී යෑම දරාගත නොහැකි පාඩුවක් බවට පත්ව තිබේ.

කොළඹ රාජකීය විදුහලේ ක්‍රීඩකයන් වන කමිල් මිෂාර සහ පසිඳු සූරියබණ්ඩාර ඔවුන් අතර ඇති අවබෝදය ප්‍රයෝජනයට ගනිමින් සිවුවැනි කඩුල්ලට ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. කොළඹදී පැවැති පළමු තරගයේදී අර්ධ ශතකයක් රැස්කළ නුවනිඳු ප්‍රනාන්දු තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා පිල සසළ විය.

නිෂාන් මධුෂ්ක (05) සහ නායක නිපුන් ධනංජය (0) පිට පිටම පන්දු දෙකකදී දැවී යෑමෙන් සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුව වන විට ශ්‍රී ලංකා පිල ලකුණු 16 ට කඩුලු දෙකක් බවට පත්විය.  

ඉන්දීය පිල පවන් ෂා දැවී යෑමත් සමඟ කඩුලු 8 ක් දැවී ලකුණු 613 ක් ලබා තේ විවේකයට පැයක පමණ කාලයක් තිබියදී පළමු ඉනිම අත්හිටුවීය.

පවන් ෂා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 332 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 282 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. පවන් ත්‍රිත්ව ශතකය සම්පූර්ණ කිරීමට සූදානමින් සිටිය ද එය මඟ හැරුණි.   
නෙහාල් වදෙරා පන්දු 136 කින් ලකුණු 64 ක් ලබා සිටියදී කලන පෙරේරාගේ පන්දුවකට කඩුල්ලෙන් මෑත් වී පහරක් ගැසීමට ගොස් දිනයේ පළමු කඩුල්ල ලෙස දිවා විවේකයෙන් පසුව දැවී ගියේය.

පවන් ෂා සහ නෙහාල් වදෙරා පස්වැනි කඩුල්ලට ලකුණු 160 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය පිල තව දුරටත් ශක්තිමත් කිරීමට සමත් වූහ.

ඉන්දීය යොවුන් පිල දිවා විවේකය වන විට කඩුලු හතරක් දැවී ලකුණු 550 ක් රැස්කර සිටියේය.

ශ්‍රී ලංකා යොවුන් නායකයා ඉන්දීය ඉනිම 28 ඕවරය වන විට පන්දු යවන්නන් හය දෙනකුගේ සේවය ලබාගනිමින් ඕවර 129 ක් අඛණ්ඩව පන්දු යවන්නන් හය දෙනා පමණක් යෝජනයට ගත්තේය. ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් යොමු කිරීමට අවස්ථානුකූල පන්දු යවන්නකුගේ සේවය ලබාගැනීම එහිදී ශ්‍රී ලංකා යොවුන් නායකයා මඟ හැරියේය.  

තරගයේ පළමු දිනය වූ ඊයේ (24) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 428 ක් රැස්කර සිටියේය.

හෙට (26) තරගයේ තෙවැනි දිනයයි.  


ලකුණු පුවරුව

ඉන්දීය වයස 19 න් පහළ පිල පළමු ඉනිම  
අතර්වා ටයිඬේ - ඇ. මධුෂ්ක ප. විජයකාන්ත්    177
අනුජ් රාවට් - ප. කල්හාර     11
පවන් ෂා - දුවද්දී දැවී ගියා     282
දෙව්දූට් පඩික්කල් - දුවද්දී දැවී ගියා    6
ආර්යන් ජුයල් - දුවද්දී දැවී ගියා    41
නෙහාල් වදෙරා - ප. කලන     64
අයාෂ් බදෝනි - ඇ. මධුෂ්ක ප. මාලිංග    1
අර්ජුන් තෙන්ඩුල්කාර් - දුවද්දී දැවී ගියා     14
මෝහිත් ජන්ග්‍රා - නොදැවී    6
අතිරේක    11
එකතුව ඕවර 128.5 කදී කඩුලු 8 ක් දැවී     613
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
යාටින් මග්වානි, සිද්ධාර්ත් දේසායි

කඩුලු වැටීම:
1-40(රාවට්), 2-303(ටයිඬේ), 3-331(පඩික්කල්), 4-407(ජුයල්), 5-567(වදෙරා), 6-570(බදෝනි), 7-605(තෙන්ඩුල්කාර්), 8-613(පවන්)

පන්දු යැවීම:
කලන පෙරේරා: 25.5-2-135-1, නිපුන් මාලිංග: 19-1-92-1, කල්හාර සමින්ද: 39-1-177-1, සඳුන් මෙන්ඩිස්: 14-2-67-0, විජයකාන්ත් වියස්කාන්ත්: 21-2-94-1, සොනාල් දිනූෂ: 10-0-44-0


ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පළමු ඉනිම

කමිල් මිෂාර - ප. දේසායි    44
නිෂාන් මධුෂ්ක - ඇ. ටයිඬේ ප. ජන්ග්‍රා    5
නිපුන් ධනංජය - ඇ. ජුයල් ප. ජන්ග්‍රා    0
නුවනිඳු ප්‍රනාන්දු - ඇ. රාවට් ප. ජන්ග්‍රා    8
පසිඳු සූරියබණ්ඩාර - නොදැවී    51
සොනාල් දිනූෂ - නොදැවී    24
අතිරේක    8
එකතුව ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී     140
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
සඳුන් මෙන්ඩිස්, කල්හාර සමින්ද, නිපුන් මාලිංග, කළන පෙරේරා, විජයකාන්ත් වියස්කාන්ත්

කඩුලු වැටීම:
1-16(මධුෂ්ක), 2-16(ධනංජය), 3-34(නුවනිඳු), 4-91(මිෂාර)

පන්දු යැවීම:
අර්ජුන් තෙන්ඩුල්කාර්: 6-0-27-0, මෝහිත් ජන්ග්‍රා: 11-1-43-3, යාටින් මග්වානි: 8-4-13-0, අයාෂ් බදෝනි: 8-2-16-0, සිද්ධාර්ත් දේසායි: 13-4-20-1, නෙහාල් වදෙරා: 3-0-14-0

 


අදහස් (0)

ශ්‍රී ලංකාව ලකුණු 473 ක් පසු පසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.