Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම් 16 ක් තරග වදින ලබන වසරේ අයි.සී.සී. අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගමාලාවේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් සභාව පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 11 වැනි වරටත් පැවැත්වෙන මේ තරගමාලාවට කාණ්ඩ 4 ක් යටතේ කණ්ඩායම් 16 එක්වී සිටිති.
සුදුසුකම් ලැබීමේ තරගවලින් පසුව එක්වූ කෙන්යාව, පැපුවා නිව්ගිනියාව, කැනඩාව, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයත් මෙම කණ්ඩායම් 16 අතර සිටිති. ටෙස්ට් වරම් හිමි රටවලටත්, අවසන් වරට 2016 පැවැති තරගමාලාවේදී ටෙස්ට් තත්ත්වය නොලද හොඳම අර්ධ සාමාජික රට බවට පත්වූ නැමීබියාවටත් 2018 තරගමාලාවට සුදුසුකම් ලැබුණේ ඉබේටමය. ශ්‍රී ලංකාව ඇතුළත් වී සිටින ‘ඩී’ කාණ්ඩයට පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තයත් ඇතුළත්ව ඇත.
වත්මන් ශූරයන් වන වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සත්කාරක නවසීලන්තය අතර ලබන වසරේ ජනවාරි මස 13 වැනිදා ටවුරංගා හී බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන තරගාවලිය පෙබරවාරි 3 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහා තරගයත් පැවැත්වෙනු ඇත්තේ ද බේ ඕවල් ක්‍රීඩාංගණයේදීමය.
මූලික වටයේදී ලීග් ක්‍රමයට තරග පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩවල හොඳම කණ්ඩායම් දෙක බැගින් තෝරා සුපිරි 8 දෙනාගේ ලීග් තරග වටය පවත්වනු ලැබේ. සෙසු කණ්ඩායම් පළඟ ශූරතාවලියට තරග කරති. සුපර් ලීග් තරග වටයේ අවසන් පූර්ව තරග ජනවාරි 29 සහ 30 දෙදින පැවැත්වීමට නියමිතව ඇත්තේ ක්‍රයිස්චර්ච් හී හැග්ලි ඕවල් පිටියේදීය.
වත්මන් ශූරයන් වන කොදෙව් පිල, සත්කාරක නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ අප්‍රිකාවෙන් සුදුසුකම් ලැබූ කෙන්යාව මෙවර තරගමාලාවේ දී ‘ඒ‘ කාණ්ඩයට ඇතුළත් වී සිටිති. 2016 වසරේදී අනුශූරතාව සමග මීට පෙර 19න් පහළ ලෝක ක්‍රිකට් කිරුළ තුන්වතාවක්ම ජයගත් ඉන්දියාව සමග ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ‘බී‘ කාණ්ඩයෙන් එක්වී සිටිති. ඕස්ට්‍රේලියාව මෙවර තරගමාලාවට එක්වී සිටින්නේ 2014න් පසුවය. ආරක්ෂක තත්ත්වය අඩුබව කියමින් ඔවුන් බංග්ලාදේශයේ පැවැති පසුගිය තරගමාලාවට සහභාගි වූයේ නැත.
පසුගිය තරගමාලාවේ අවසන් පූර්ව වටයට ගිය බංග්ලාදේශය සමග එංගලන්තය, නැමීබියාව සහ කැනඩාව ‘සී‘ කාණ්ඩයෙන් ද, යොවුන් ලෝක කුසලානය දෙවතාවක් ජයගත් පාකිස්තානය, පසුගිය තරගමාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව, මෑතකදී ටෙස්ට් වරම් ලැබූ ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය ‘ඩී‘ කාණ්ඩයෙන් ද මෙවර තරගමාලාවට එක්වී සිටිති.
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව ක්‍රයිස්චර්ච්, ටවුරංගා, වංගරායි සහ ක්වීන්ස්ටවුන් නගර හතරේ දී දින 22ක් පුරා පැවැත්වෙයි. නවසීලන්තය මේ තරගමාලාවට සත්කාරකත්වය ලබා දෙන්නේ තුන්වැනි වරටය. ඊට පෙර ඔවුන් 2002 සහ 2010 තරගමාලා සඳහා සත්කාරකත්වය ලබා දුන්නේය.
ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ තරග
ජනවාරි 14 - අයර්ලන්තයට එරෙහිව වංගරායිහිදි,
ජනවාරි 17 ඇෆ්ගනිස්තානයට එරෙහිව වංගරායිහිදී,
ජනවාරි 19 - පාකිස්තානයට එරෙහිව වංගාරායිහිදි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.