Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට කඩයිම් තරගාවලියක්

ශ්‍රී ලංකාවට කඩයිම් තරගාවලියක්

රොෂාන් ගුණරත්න - 2019 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් හඳුන්වාදුන් දිනයේ සිටම වසරකට වැඩි කාලයක් එහි මුදුන් හිණිපෙතේ පසුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබන වසරේදී (2020) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට මුහුණ දීමට සිදුවනු ඇත. ලබන වසරේදී ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර කණ්ඩායම් 8 ක් පමණක් සෘජුවම ඊට සුදුසුකම් ලබා සිටිති. 

2018 දෙසැම්බර් මස 31 වැනිදා වන විට විස්සයි-20 අන්තර්ජාතික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 8 ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටස සඳහා එක එල්ලේම සුදුසුකම් ලබා සිටිති. 

ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිට අනුපිළිවෙලින් පාකිස්තානය, ඉන්දියාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානය යන රටවල් ප්‍රධාන තරගාවලිය සඳහා එක එල්ලේම සුදුසුකම් ලබති. 

ශ්‍රේණිගත සටහනේ 9 වැනි සහ 10 වැනි ස්ථාන වල සිටින ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් කණ්ඩායම් 6 ක් ඇතුළත් සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි විය යුතුය. මෙම තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් හතරක් පසුව ප්‍රධාන තරගාවලියට එක්වනු ඇත. මෙම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය වසර 2020 ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා පැවැත්වේ. 

බංග්ලාදේශය මෙන් නොව, ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට තුන් වතාවක්ම (2009, 2012 සහ 2014 වන වසර වලදී) විස්සයි-20 ලෝක කුෂලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් කණ්ඩායමකි. වසර 2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගැනීමටද ශ්‍රී ලංකා පිල සමත් විය. කෙසේ වෙතත් 2016 ඉන්දියාවේදී පැවැති තරගාවලියේදී මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. 

“අපට එක එල්ලේම ලෝක කුසලාන තරගාවලියට යන්න නොලැබීම නම් මහත් බලාපොරොත්තු කඩවීමක්. ඒ වුණත් මේ (සුදුසුකම් ලබාගැනීමේ) තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කරලා අපේ ස්ථානය වෙන්කරගන්න අපට පුළුවන්” යයි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක ලසිත් මාලිංග පැවසීය. 

“අවසන් මහ තරග තුනක් ක්‍රීඩා කරලා, එයින් එකක් දිනාගත්තු අපි වගේ කණ්ඩායමක් හොඳම කණ්ඩායම් 8 අතරේ ඉන්න ඕන කියන එක ඕන කෙනෙකුගේ අපේක්‍ෂාවක් තමයි. ඒත් මේ වෙලාවේදී සුදුසුකම් තේරීමේ තරගාවලියේදී අපට ලැබෙන අතිරේක තරග අවස්ථාවක් කරගෙන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සඳහා හොඳින් සූදානම් වෙන්න අපි උත්සාහ කරනවා”

“අපට ඉතාමත් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ජයග්‍රහණය කියන්නේ නියම වෙලාවෙදි හොඳින් ක්‍රීඩා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. අපට අපේ දවස ආවම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්” යයිද ලසිත් මාලිංග වැඩිදුරටත් පැවසීය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩයිම් තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.