Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලකුණු 316 ක් රැස්කරගත් නමුත් එය ආරක්‍ෂා කරගැනීමට පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නන්ද අපොහොසත් වූ බැවින් අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 6 ක අතිශය ඛේදනීය පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති මෙම තරගයේදී ලකුණු 317 ක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගයකදී ඉලක්කයක් හඹා යමින් සාර්ථකවූ කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ (322) වාර්තාවද හිමි කරගත්තේය.
ශ්‍රී ලංකාව | |||
නිරෝෂන් දික්වැල්ල - ඇ.බර්ල් ප.චටාරා | 10 | ||
ධනුෂ්ක ගුණතිලක - ඇ.අර්වින් ප.විලියම්ස් | 60 | ||
කුසල් මෙන්ඩිස් - ඇ.සහ ප.ක්‍රීමර් | 86 | ||
උපුල් තරංග - නොදැවී | 79 | ||
ඇන්ජලෝ මැතිව්ස් - ප.මියර් | 43 | ||
අසේල ගුණරත්න - ඇ.වොලර් ප.චටාරා | 28 | ||
ළහිරු මධුසංක - නොදැවී | 1 | ||
අතිරේක (නිල-1, පල-2. වයිඩ්-6) | 9 | ||
එකතුව ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී | 316 | ||
කඩුලු වැටීම | |||
1-16(දික්වැල්ල), 2-133(ගුණතිලක), 3-180(මෙන්ඩිස්), 4-254(මැතිව්ස්), 5-310(ගුණරත්න) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
නුවන් ප්‍රදීප්, අමිල අපෝන්සු, අකිල ධනංජය සහ ලසිත් මාලිංග | |||
පන්දු යැවීම | |||
තෙන්ඩායි චටාරා | 9-1-49-2 | ||
ඩොනල්ඩ් තිරිපානෝ | 6-0-45-0 | ||
ෂොන් විලියම්ස් | 9-0-57-1 | ||
ග්‍රේම් ක්‍රීමර් | 10-0-57-1 | ||
සොලමන් මයර් | 7-0-47-1 | ||
සිකන්දර් රාසා | 9-0-58-0 | ||
සිම්බාබ්වේ | |||
හැමිල්ටන් මසකඩ්සා - ඇ.දික්වැල්ල ප.මාලිංග | 5 | ||
සොලමන් මයර් - ඇ. සහ ප.ගුණරත්න | 112 | ||
ක්‍රෙග් අර්වින් - ඇ.තරංග ප.ධනංජය | 18 | ||
ෂෝන් විලියම්ස් - ප.ගුණරත්න | 65 | ||
සිකන්දර් රාසා - නොදැවී | 67 | ||
මැල්කම් වොලර් - නොදැවී | 40 | ||
අතිරේක (ප.ල.-6. නිප-1, වයිඩ් - 9) | 15 | ||
එකතුව ඕවර 47.4කදී කඩුලු 4 ක් දැවී | 322 | ||
කඩුලු වැටීම | |||
1-12(මසකඩ්සා), 2-46(අර්වින්), 3-207(මයර්), 4-220(ෂෝන්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
පීටර් මුවර්, රයන් බර්ල්, ග්‍රේම් ක්‍රීමර්, ඩොනල්ඩ් තිරිපානෝ සහ තෙන්ඩා චටාරා | |||
පන්දු යැවීම | |||
ලසිත් මාලිංග | 9-0-50-1 | ||
නුවන් ප්‍රදීප් | 9-1-51-0 | ||
අකිල ධනංජය | 10-0-61-1 | ||
අමිල අපෝන්සු | 8.4-0-77-0 | ||
ධනුෂ්ක ගුණතිලක | 2-0-13-0 | ||
ළහිරු මධුසංක | 2-0-18-0 | ||
අසේල ගුණරත්න | 7-0-46-2 |
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ සිම්බාබ්වේ පිල ස්ථානගතව සිටින්නෙ ඇෆ්ඝනිස්ථානයටත් (10) වඩා පහළිනි. එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ සිම්බාබ්වේ පිලට ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 46 ක් වන කල්හි ප්‍රසාද ලකුණු 93 ක් හිමි ශ්‍රී ලංකා පිල එහි 8 වැනි ස්ථානයේ පසුවෙයි.
වසර 17 කට පසුව ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවෝ ඕවර 47.4 කදී කඩුලු 4 කට ලකුණු 322 ක් ලබාගනිමින් තරගය ජයගත්හ.
ලකුණු 317 ක් හඹා යාමට වන් සංචාරකයන්ගේ පළපුරුදු පිතිකරුවන් දෙදෙනා වන හැමිල්ටන් මසකඞ්සා (5) සහ ක්‍රෙග් අර්වින් (18) කල්වේලා ඇතිවම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ සොලමන් මියර් සහ ෂෝන් විලියම්ස් දෙදෙනා ලකුණු 161 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් තම පිලේ සටන ඉදිරියටම ගෙන ගියහ. මෙම පිතිකරුවන් දෙදෙනාම පන්දු 11 ක් ඇතුළතදී දවාගැනීමට අසේල ගුණරත්නට හැකි වූවත් එතැන් සිට එක්වූ සිකන්දර් රාසා (නොදැවී 67) සහ මැල්කම් වොලර් (40) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 102 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් තම පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
ශ්‍රී ලංකාවත් සිම්බාබ්වේ පිලත් අතර එදා මෙදා තුර පැවැති එක්දින තරග 52 කින් තරග 8 ක් ජයගැනීමට සිම්බාබ්වේ පිල සමත් වී ඇතත් ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදීම පරාජය කිරීමට සිම්බාව්වේ කණ්ඩායම සමත් වූ පළමු අවස්ථාව මෙයයි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලෙන් ගිළිහී ගිය උඩපන්දු සංඛ්‍යාව 3 කි.
අමිල අපෝන්සුගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතින් සොලමන් මයර්ගේ උඩපන්දුව ගිළිහී යන විට පිතිකරුවා ලබා සිටියේ ලකුණු 19 ක් පමණි. එම උඩපන්දුව රැකගත්තා නම් මුලු ලකුණු සංඛ්‍යාව 46 ක්ව තිබියදී මයර්ගේ ඉනිම අවසන් කරගත හැකිව තිබිණ.
ළහිරු මධුසංක යැවූ පළමු පන්දුවටම ලැබුණු පහසු උඩපන්දුව ගලී හි සිටි ධනුෂ්ක ගුණතිලක අතින් ගිළිහී ගියේ ලකුණු 13 ක් ලබා සිටි ෂෝන් විලියම්ස්ට තවදුරටත් පිටියේ රැඳී සිටීමේ අවස්ථාව ඉතිරි කරමිනි. ඒ වන විට ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 83 කි.
වඩාත්ම භයංකාර ගිළිහීයාම වූයේ සොලමන් මයර් ලකුණු 94 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව ඩීප් ෆයින් ලෙග්හි සිටි ලසිත් මාලිංග වෙතින් ගිලිහී යාමයි. ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා සමග උග්‍ර මත ගැටුමකට මුහුණ දී සිටින ලසිත් මාලිංගට සහය දැක්වීම පිණිස පැමිණි ක්‍රීඩා ලෝලීන් සතුව තිබූ විරෝධතා පුවරුද අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එවන් තත්ත්වයක් හමුවේ ලසිත් මාලිංග වෙතින් උඩපන්දුව ගිළිහී යන විට සිම්බාබ්වේ පිතිකරුවෝ කඩුලු 2 කට ලකුණු 182 ක් ලබා සිටියහ.
සාර්ථකව ලකුණු අතරට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 50 කදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 317 ක් ලබාගත්හ. කාසියේ වාසිය දිනා ලකුණු රැස්කිරීම තෝරාගත් ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 10 කට දැවි ගිය නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනඟමින් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගත්හ.
මෙම පිතිකරුවන් දෙදෙනාගේ ක්‍රමවත් පිතිහරඹය නිසා පසුව වඩාත් ආක්‍රමණශීලී ලෙසින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවෝ සිම්බාබ්වේ පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් අවසන් ඕවර 15 දී ලකුණු 114 ක් උදුරා ගත්හ. ඉනිම අවසන් වන විට නොදැවී සිටි උපුල් තරංග පන්දු 73 කින් ලකුණු 79 ක් ලබා සිටි අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වී තිබිණ. උපුල් තරංග තරගයේදී එක්දින ලකුණු 6000 සීමාව පසුකර යාමටද සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 35 වැනි ඕවරය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි හෙයින් ප්‍රහාරය ඇරඹීම සඳහා අවශ්‍ය තරමට කඩුලු ඉතිරිව තිබිණ. එතැන් සිට ආපසු නොබැලූ ඇන්ජලෝ මැතිව්ස් (43), අසේල ගුණරත්න (28) සහ උපුල් තරංග තිදෙනා රිසි සේ ලකුණු රැස්කිරීමට වන්හ.
දික්වැල්ල දැවී යාමෙන් පසුව ඉතාමත් පහසුවෙන් ලකුණු කරා ගිය මෙන්ඩිස් සහ ගුණතිලක දෙදෙනා පන්දු 4 ක පරතරයක් ඇතිව සිය අර්ධ ශතක සම්පූර්ණ කළහ. ශතකයට ලකුණු 40 ක් ඈතින් සිටියදී ගුණතිලක ගැසූ රිවර්ස් ස්වීප් පහරක් හේතුවෙන් කඩුල්ල අහිමි කරගත්තේය.
කුසලතා පූර්ණ පිතිකරුවකුගේ ලක්‍ෂණ මොනවට විදහා පෙන්වූ කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය ලබාගත්තේ අලංකාර ඔන් ඩ්‍රයිව් පහරකිනි. වර්තමාන පිතිකරුවන් අතරේ ඉතා අඩුවෙන් දක්නට ලැබෙන ඔන් ඩ්‍රයිව් මනස්කාන්ත ලෙසින් යොදාගන්නා කුසල් මෙන්ඩිස් පන්දු යවන්නාත් මිඞ් ඕන් ක්‍රීඩකයාත් අතරින් පන්දුව හතරේ සීමාවට යැවූයේ දශක කිහිපයකට ඉහතදී දක්නට ලැබුණු විශිෂ්ට පිතිකරුවන් නැවතත් සිහියට නංවමිනි.
සොලමන් මයර්ගේ පන්දුවකට අලංකාර පුල් පහරක් ගසමින් පන්දුව හතරේ සීමාවට යැවූ කුසල් මෙන්ඩිස් සිය 28 වැනි එක්දින ඉනිමේදී ලකුණු 1000 කඩයිම පසුකර ගියේය. එක්දින ඉනිම 28 කදී ලකුණු 1000 කඩයිම පසුකර යාමට උපුල් තරංගත් සමත් වූ නමුත් අඩුම ඉනිම සංඛ්‍යාවකදී එක්දින ලකුණු 1000 ලබාගැනීමේ වාර්තාව තවමත් රෝයි ඩයස් සතුය. ඒ වෙනුවෙන් රෝයි ඩයස් මුහුණ දී ඇත්තේ ඉනිම 27 කට පමණි.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගයේ විශේෂ අවස්ථා...
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.