Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හැමිල්ටන් මසකඩ්සාගේ පිතිහරඹය හමුවේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම 3-2 ක් ලෙස තරගාවලියද ජයගැනීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම 2009 වසරෙන් පසුව තම මව් රටෙන් පිටතදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන්නේය.
ශ්‍රී ලංකාව | |||
නිරෝෂන් දික්වැල්ල - ඇ. මූවර් ප. චටාරා | 3 | ||
ධනුෂ්ක ගුණතිලක - ප.විලියම්ස් | 52 | ||
කුසල් මෙන්ඩිස් - ඇ.ක්‍රීමර් ප. සීකන්දර් | 1 | ||
උපුල් තරංග - ප. සීකන්දර් | 6 | ||
ඇන්ජලෝ මැතිව්ස් (නායක)- ඇ. මසකඞ්සා ප. ක්‍රීමර් | 24 | ||
අසේල ගුණරත්න - නොදැවී | 59 | ||
වනිඳු හසරංග - ඇ.ක්‍රීමර් ප.සීකන්දර් | 0 | ||
නුවන් කුලසේකර - ප.ක්‍රීමර් | 5 | ||
අකිල ධනංජය - ඇ. මුසකන්ඩා ප.වොලර් | 7 | ||
දුෂ්මන්ත චමීර - නොදැවී | 18 | ||
අතිරේක (ප 4, පා 6, ව 16) | 28 | ||
එකතුව ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී | 203 | ||
කඩුලු වැටීම | |||
1-3 (දික්වැල්ල ), 2-13 (මෙන්ඩිස්), 3-31 ( තරංග),4-78 (මැතිව්ස්), 5-119 (ගුණතිලක),6-120 (වනිඳු හසරංග), 7-126 (කුලසේකර),8 -153 (ධනංජය) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයා | |||
ලසිත් මාලිංග | |||
පන්දු යැවීම | |||
සීකන්දර් රාසා | 10-1-21-3 | ව-1 | |
ටෙන්ඩායි චටාරා | 9-1-49-1 | ව-4 | |
ග්‍රේම් ක්‍රීමර් (නායක) | 10-1-23-2 | ව-1 | |
ක්‍රිස් මොෆූ | 6-0-36-0 | ||
ශෝන් විලියම්ස් | 10-0-41-1 | ව-3 | |
මැල්කම් වොලර් | 5-0-21-1 | ව-1 | |
සිම්බාබ්වේ | |||
හැමිල්ටන් මසකඞ්සා - ඇ. කුලසේකර ප. මාලිංග | 73 | ||
සොලමන් මීර් - ප. ගුණරත්න | 43 | ||
ටරිසායි මුසකන්ඩා - ඇ.වනිඳු හසරංග ප.ධනංජය | 37 | ||
ක්‍රෙග් අර්වින් - ප.ධනංජය | 2 | ||
ශෝන් විලියම්ස් - ඇ.මෙන්ඩිස් ප.ධනංජය | 2 | ||
සීකන්දර් රාසා - නොදැවී | 21 | ||
මැල්කම් වොලර් - ඇ. සහ ප. මාලිංග | 1 | ||
පීටර් මූවර් - ඇ.මෙන්ඩිස් ප. ධනංජය | 1 | ||
ග්‍රේම් ක්‍රීමර් (නායක)- නොදැවී | 11 | ||
අතිරේක (පා 2 ,ව 4 ,නි 1 ) | 7 | ||
එකතුව ඕවර 38.1 කදී කඩුලු 7 ක් දැවී | 204 | ||
කඩුලු වැටීම | |||
1-92( සොලමන් මීර්), 2-137 (මසකඞ්සා), 3-148 (අර්වින්), 4-152 (විලියම්ස්), 5-165 (මුසකන්ඩා) , 6-172 (වොලර්) , 7- 175 ( මූවර්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
ටෙන්ඩායි චටාරා, ක්‍රිස් මොෆූ | |||
පන්දු යැවීම | |||
ලසිත් මාලිංග | 10-0-44-2 | නි- 1, ව-1 | |
නුවන් කුලසේකර | 3-0-25-0 | ව-1 | |
අසේල ගුණරත්න | 4-0-23-1 | ||
අකිල ධනංජය | 10-1-47-4 | ||
වනිඳු හසරංග | 6.1-0-45-0 | ||
දුෂ්මන්ත චමීර | 4-1-16-0 | ව-2 | |
ධනුෂ්ක ගුණතිලක | 1-0-2-0 |
ජයග්‍රහණ සදහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 38.1 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත් විය.
ලකුණු 175 කට කඩුලු 7 ක් දැවී යාමත් සමගින් තරගයේ වාසිය දෙපිලමට දෝලණය විමට පටන්ගත් අතර සීකන්දර් රාසා සමගින් එක්වූ නායක ග්‍රේම් ක්‍රීමර් අටවැනි කඩුල්ල සදහා පන්දු 21 කදි ලකුණු 29 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කඩුලු 2 කට ලකුණු 137 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක සිටි සිම්බාබ්වේ කණ්ඩායමට තරගය පහසුවෙන් ජයගැනීමට තිබූ අවස්ථාව නොසිතූ අයුරින් විනාස කර දැමූ අකිල ධනංජය ඕවර 10 කදී ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගනිමින් එක්දින දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය. ඕවර 10 කදී ලකුණු 44 කට කඩුලු 2 ක් දවාගැනීමට ලසිත් මාලිංග සමත් වූයේය.
පන්දු 55 කදී සිය 31 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් හැමිල්ටන් මසකඞ්සා ලකුණු 73 ක් ලබාසිටියදී ලසිත් මාලිංගගේ පන්දුවකට නුවන් කුලසේකර අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 86 කට මුහුණදී හයේ පහරකින් සහ හතරේ පහර නවයකින් ඉනිම සැරසූ මසකඞ්සා දෙවැනි කඩුල්ල සදහා ටරිසායි මුසකන්ඩා සමගින් එක්ව පන්දු 58 කදී ලකුණු 45 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.
හැමිල්ටන් මසකඞ්සා සමගින් පළමු කඩුල්ල සදහා ලකුණු 92 ක සම්බන්දතාවයක් ගොඩනැගූ සොලමන් මීර් ලකුණු 42 ක් රැස්කර සිටියදී අසේල ගුණරත්නගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්දු 32 කට මුහුණදුන් මීර්ගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් ඇතුළත් විය.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 203 ක් පමණි. නවවැනි කඩුල්ල සදහා අසේල ගුණරත්න සහ දුෂ්මන්ත චමීර එක්ව පන්දු 53 කදී පැවැත්වූ ලකුණු 50 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් ලකුණු 200 සීමාවෙන් ඔබ්බට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 153 කට කඩුලු 8 ක් දැවී අසීරු අඩියක සිටියදී ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ අසේල ගුණරත්න සිය පළමු එක්දින අර්ධ ශතකය (මීන් පෙර ශතකයක් ලබාගෙන ඇත) පන්දු 75 කදී සම්පූර්ණ කිරීමට සමත් විය. ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි අසේල ගුණරත්න පන්දු 81 කදී හතරේ පහර හතරක් සමගින් නොදැවී ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය. තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් ගුණරත්නට අනගි සහයක් ලබාදුන් දුෂ්මන්ත චමීර ඉනිම අවසාන වනවිට පන්දු 31 කට මුහුණදී හතරේ පහරක් සමගින් ලකුණු 18 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා ඉනිමට ලකුණු හතක් එක්වන විටදී තවත කඩුලු දෙකක් බිඳ හෙළීමට පන්දු යවන්නෝ සමත් විමත් සමගින් තරගයේ පාලනය සියතට ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුද පසුපෙළ පිතිකරුවෝ තරගය අතනොහැරමින් ලකුණු රැස්කිරීමට උත්සහ කළහ.
අසේල ගුණරත්න සමගින් පස්වැනි කඩුල්ල සදහා පන්දු 67 කදී ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූ ධණුෂ්ක ගුණතිලක දැවී යන විටදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 119 ක් විය. පන්දු 75 කදී සිය හත්වැනි එක්දින අර්ධ ශතකය රැස්කළ ගුණතිලක, ශෝන් විලියම්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීයන විටදී හතරේ පහර පහක් සමගින් ලකුණු 52 ක් රැස්කර සිටියේය.
ධනුෂ්ක ගුණතිලක සමගින් සිවුවැනි කඩුල්ල සදහා එක්වූ ඇන්ජලෝ මැතිව්ස් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටින විට ග්‍රේම් ක්‍රීමර්ගේ පන්දුවක් හමුවේ හැමිල්ටන් මසකඞ්සා අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 24 කට දැවී ගියේය. පන්දු 47 කට මුහුණදුන් මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත් වූ අතර ධණුෂ්ක ගුණතිලක සමගින් සිවුවැනි කඩුල්ල සදහා පන්දු 74 කදී ලකුණු 47 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
දෙවැනි සහ තෙවැනි කඩුලු ලෙස කුසල් මෙන්ඩිස් සහ උපුල් තරංග දවාගත් සීකන්දර් රාසා ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් ඇති කරමින් තරගයේ පාලනය සිම්බාබ්වේ කණ්ඩායම වෙත නතුකර දීමට සමත් විය.
පිට පිට තරග දෙකකදී ශතක රැස්කළ නිරෝෂන් දික්වැල්ලට අද දිනයේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැඳි සිටීමට අවස්ථාවක් ලබානොදුන් ටෙන්ඩායි චටාරා ලකුණු තුනකට ඔහු දවාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් ලක්ෂාන් සඳකැන් සහ අසිත ප්‍රනාන්දු වෙනුවට නුවන් කුලසේකර සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් සිවුවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගටද ඉදිරිපත් කර ඇත.
පිට පිට තරග අටකදී කාසියේ වාසිය පරාජයට පත්වූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ග්‍රැහැම් ක්‍රීමර් අද තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සදහා ආරාධනා කළේය.
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ සිව්වන එක්දින තරගයේ විශේෂ අවස්ථා
ඡායාරූප - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.