Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන මැයි සහ ජූනි මාස වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත වීමට නියමිතය. ඊට දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් වේ.
එම තරගාවලියේ පළමු තරගය ටි්‍රනිඩෑඞ්හිදීද, දෙවැන්න ශාන්ත ලුසියාහිදීද, තෙවැන්න (දිවා-රාත්‍රී) බාර්බඩෝස්හිදීද පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වී ඇත්ත්‍ෙ එක් දිවා-රාත්‍රී තරගයට පමණක් වන අතර එහිදී පාකිස්තානයට එරෙහිව ලකුණු 68 ක ජයක් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් නිල වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත වන සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර පැවැති තරගාවලි තුනේදී කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 6 ක් පැවැත්වී තිබේ.
ඉන් එක් තරගයක් ජයගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 ක් පරාජයට පත්වී තරග 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබේ.
තරග කාල සටහන
පුහුණු තරගය - මැයි මස 30 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා ටි්‍රනිඩෑඞ්හිදී (බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය)
පළමු ටෙස්ට් තරගය - ජූනි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා ටි්‍රනිඩෑඞ්හිදී (ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණය)
දෙවැනි ටෙස්ට් තරගය - ජූනි මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා බාර්බඩෝස්හිදී (ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණය)
තෙවැනි ටෙස්ට් තරගය (දිවා-රාත්‍රී) - ජූනි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා ශාන්ත ලුසියාහිදී (කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.