Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්

ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්

Nisanka Sandeepani - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කලබලයකින් තොරව අවදානමට මුහුණ දුන් නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග සහ ඇන්ජලෝ මැතිව්ස් තිදෙනා එක්ව දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක ජයක් කරා ශ්‍රී ලංකා පිල කැඳවාගෙන ගියහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. 

සිම්බාබ්වේ
හැමිල්ටන් මසකඩ්සා - ඇ. සහ ප. ගුණරත්න  41
සොලමන් මයර් - ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්  0
ක්‍රෙග් අර්වින් - ඇ. දික්වැල්ල ප. සඳකැන්  22
ෂෝන් විලියම්ස්  - ඇ. ප්‍රදීප් ප. ගුණතිලක   13
සිකන්දර් රාසා - ඇ. ප්‍රදීප් ප. සඳකැන්    8
රයන් බර්ල් - ප. සඳකැන්  9
මැල්කම් වොලර් - ප. වනිඳු හසරංග 38
පීටර් මුවර් - ප. සඳකැන්    11
ග්‍රේම් ක්‍රීමර් - නොදැවී  1
ඩොනල්ඩ් තිරිපානෝ - ක.මු.කළා ප. වනිඳු හසරංග 0
තෙන්ඩා චටාරා - ප. වනිඳු හසරංග 0
අතිරේක (බ-1, පා-5, ව-4, නි-2) 12
එකතුව ඕවර 33.4 කදී සියලුදෙනා දැවී     155
කඩුලු වැටීම 
1-11 (මයර්), 2-67 (මසකඩ්සා), 3-74 (අර්වින්), 4-91 (සිකන්දර්), 5-102 (විලියම්ස්), 6-119 (බර්ල්), 7-147 (මුවර්), 8-155 (වොලර්), 9-155 (තිරිපානෝ), 10-155 (චටාරා)
පන්දු යැවීම
ලසිත් මාලිංග 3-1-17-0 නි-1
නුවන් ප්‍රදීප්  7-0-18-1  
දුෂ්මන්ත චමීර 5-0-23-0 ව-2
ලක්ෂාන් සඳකැන් 10-0-52-4 ව-2, නි-1
අසේල ගුණරත්න 5-0-15-1  
ධනුෂ්ක ගුණතිලක  1-0-9-1  
වනිඳු හසරංග  2.4-0-15-3  
ශ්‍රී ලංකාව 
නිරෝෂන් දික්වැල්ල - ඇ. සහ ප. ක්‍රීමර්  35
ධනුෂ්ක ගුණතිලක - ප.චටාරා 8
කුසල් මෙන්ඩිස් - ප. මුවර් ප. චටාරා 0
උපුල් තරංග - නොදැවී  75
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී  28
අතිරේක (බ-2, පා-2, ව-6, නි-2) 12
එකතුව ඕවර 30.1 කදී කඩුලු 3 ක් දැවී     158
කඩුලු වැටීම 
1-9 (ගුණතිලක), 2-10 (මෙන්ඩිස්), 3-77 (දික්වැල්ල)
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ 
අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්
පන්දු යැවීම
තෙන්ඩා චටාරා 5-0-33-2 නි-2, ව-2
සිකන්දර් රාසා  10-0-34-0  
ඩොනල්ඩ් තිරිපානෝ  1-0-6-0  
ග්‍රේම් ක්‍රීමර්  9.1-0-46-1 ව-1
ෂෝන් විලියම්ස්  3-0-20-0 ව-2
රයන් බර්ල්  2-0-15-0  


සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ වනිඳු හසරංග ද සිල්වාගේ කඩුලු ත්‍රිත්වයත් ලක්ෂාන් සඳකැන් දවාගත් කඩුලු 4 ත් නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 155 කට සීමාවිය.

දිවා ආහාරයට පෙරම පහසු ඉලක්කයක් කරා යාම ඇරඹූ නමුත් ලකුණු 10 කට කඩුලු දෙකක් දැවී යාමෙන් ශ්‍රී ලංකා පිල තරමක් සසළ වූයේය. 

සිහි එළවාගත් දික්වැල්ල සහ උපුල් තරංග දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ.

පන්දු 54 කට මුහුණදීමෙන් පසුව දික්වැල්ල දැවී ගිය නමුත් තරංගට එක්වූ ඇන්ජලෝ  මැතිව්ස් වඩාත් ප්‍රවේසම් සහගත ගමනක යෙදෙමින් ශ්‍රී ලංකා පිල ජයටැඹ කරා තල්ලුකරගෙන යද්දී උපුල් තරංග පිට පිටම තුන්වැනි එක්දින අර්ධ ශතකය ලබාගත්තේය.

පන්දු 86 කට මුහුණ දෙමින් තරංග ලබාගත් ලකුණු 75 ට හතරේ පහර 8 ක් ඇතුළත් විය. 

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට තරමක අස්වැසිල්ලක් වූවත් උඩපන්දු තුනක්ම බිම දැමීමෙන් ශ්‍රී ලංකා පිලේ කීර්තිනාමයට හානි වී තිබිණ.

 කෙසේ වෙතත් අධිෂ්ඨානශීලී පන්දු යැවීම හේතුවෙන් සිම්බාබ්වේ පිතිකරුවන්ට සිත්සේ ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොලැබිණ. 

පළමු තරගය පරාජය වීමෙන් විපිළිසරව සිටි ශ්‍රී ලංකා පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි. ලසිත් මාලිංගගේ තුන්වැනි පන්දවේදීම හැමිල්ටන් මසකඞ්සා දුන් උඩපන්දුව කුසල් මෙන්ඩිස් වෙතින් ගිළිහී ගියේය.

අනතුරුව මාලිංග හමුවේ මසකඞ්සා තරමක් එඩිතර වූයෙන් හත්වැනි ඕවරයේදී දුෂ්මන්ත චමීර කැඳවීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවිය. 

මසකඞ්සාගේ දෙවැනි උඩපන්දුවත් ධනුෂ්ක ගුණතිලක වෙතින් ගිළිහී යාමෙන් පසුව පැමිණි අසේල ගුණරත්න සිය පළමු ඕවරයේදීම රැකගත් අගනා උඩපන්දුවකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මනස වෙනස් කළේය. 

එතැන් සිට පැවැතියේ ලක්ෂාන් සඳකැන් සහ වනිඳු හසරංග දෙදෙනාගේ තරගයකි. වරෙක කඩුල්ලක් දැවී ලකුණු 67 ක් වූ සිම්බාබ්වේ ලකුණු පුවරුවේ අවසන් කඩුලු 9 ම ලකුණු 88 ක් තුළදී ඇද වැටිණ. 

තවමත් 19 හැවිරිදි වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 7 කට ක්‍රීඩා කර ඇති චතුරංග ද සිල්වාගේ බාල සොහොයුරාය.

සිය පළමු ඕවර දෙකම ලකුණු 11 කට සීමාකරගත් කෝඩුකාරයා තුන්වැනි ඕවරයේදී පිට පිටම පන්දු 3 කින් කඩුලු 3 ක් දවාගත්තේ පිළිවෙලින් මැල්කම් වොලර්, ඩොනල්ඞ් ටිරිපානෝ සහ ටෙන්ඩායි චටාරා පිටියෙන් ඉවත් කරමිනි.

ඔවුන් තිදෙනා අතුරින් චටාරා දවාගැනීමට හසරංග යැවූ ගුග්ලි පන්දුව කලකින් දක්නට ලැබුණු අලංකාර පන්දුවක් විය. 

මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලෝකයේ තුන්වැනි පන්දු යවන්නා බවට පත්වූ වනිඳු හසරංග එවන් දස්කමක් කළ ලාබාළතම ක්‍රීඩකයාද විය.

හසරංගගේ කඩුලු ත්‍රිත්වය නිසා යටපත්වූවද ලක්ෂාන් සඳකැන්ගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙස මෙය සටහන් වේ.

සිකුරාදා තරගයේදී සාර්ථක වූ නමුත් සිම්බාබ්වේ පිතිකරුවන් වැඩිදෙනකු අද අමාරුවේ වැටුණේ ‘ස්විප්’ පහර මෙන්ම ‘රිවර්ස් ස්වීප්’ පහර ගැසීමට උත්සාහ කිරීමෙනි. 

වෛරස් ආසාදනයකින් පෙළෙන බව කී ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම අද තරගයට ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසියහ. 

 

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි එක්දින තරගයේ විශේෂ අවස්ථා...

(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි එක්දින තරගය

අදහස් (0)

ශ්‍රී ලංකාවට සැනසිලිදායක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.