Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රේණිගත ක්‍රීඩකයින් හිඟ ශ්‍රී ලංකා කණ්ඩායමක්

ශ්‍රේණිගත ක්‍රීඩකයින් හිඟ ශ්‍රී ලංකා කණ්ඩායමක්

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සදහා සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම්හී හොදම පිතිකරුවන් 100 දෙනා අතර සිටින කුසල් පෙරේරා (34), ඇන්ජලෝ මැතිව්ස් (59), චාමර කපුගෙදර (68), දිනේෂ් චන්දිමාල් (72), නිරෝෂන් දික්වැල්ල (74), අසේල ගුණරත්නත් (77) හොදම පන්දු යවන්නන් 100 දෙනා අතර සිටින නුවන් කුලසේකර (21), ලසිත් මාලිංග (36), සචිත්‍ර සේනානායක (54) සහ ඇන්ජලෝ මැතිව්ස් (58) යන ක්‍රීඩකයින් නොමැතිවය.

කණ්ඩායමට ඇතුළත්ව ඇති ක්‍රීඩකයන්ගෙන් ශ්‍රේණිගත කිරීම්හී 85 වැනි ස්ථානයේ පසුවන ඩිල්ශාන් මුණවීර හොදම පිතිකරුවන් 100 දෙනා අතර සිටින එකම පිතිකරුවා වන අතර 47 වැනි ස්ථානයේ සිටින සිකුගේ ප්‍රසන්න හොදම පන්දු යවන්නන් 100 දෙනා අතර සිටින එකම පන්දු යවන්නා වෙයි.


අදහස් (0)

ශ්‍රේණිගත ක්‍රීඩකයින් හිඟ ශ්‍රී ලංකා කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.