Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකාවට ලකුණු 157 ක දැවැන්ත ජයක්

ශී‍්‍ර ලංකාවට ලකුණු 157 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A


එංගලන්ත ඉනිම ලකුණු 99 කට සීමා කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ චෙස්ටර් ලි ස්ටී‍්‍රට්හිදී අද (25) පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 157 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලේ මෙම ජයග‍්‍රහණයක් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.   

ලකුණු 257 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිල  ඕවර 26.1 කදී ලකුණු 99 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මෙම ලකුණු 99 එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වේ.

එංගලන්තය මීට පෙර 2003 වසරේ නොවැම්බර් මස දඹුල්ලේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 88 කට දැවී ගොස් තිබුණි.

1971 සිට ආරම්භ වන එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත පිල මේ දක්වා සහභාගි වී ඇති එක්දින තරග 619 කදී ලකුණු 100 ට අඩුවෙන් දැවී ගිය හයවැනි අවස්ථාව මෙයයි. එහිදී  ඕස්ටේ‍්‍රලියාව හමුවේ තුන්වරක්ද ශ්‍රී ලංකාව හමුවේ දෙවරක්ද එංගලන්ත පිල ලකුණු 100 ට අඩුවෙන් දැවී ගොස් තිබේ. 2001 වසරේ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මැන්චෙස්ටර්හිදී ලකුණු 86 කට දැවී යෑම එංගලන්ත පිල එක්දින තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.

සචිත‍්‍ර සේනානායක නිවැරදි එල්ලයේ පන්දු යවමින් එංගලන්ත පිතිකරු ලැයිස්තුවේ පසු පෙළ පිතිකරුවන්ට ක‍්‍රීඩාගාරයේ අසුන් වෙන්කර දීමට සමත් විය. සේනානායක ලකුණු 13 කට කඩුලූ 4 ක් දවා ගනිමින් එංගලන්ත පිල බලාපොරොත්තු නොවූ අගාධයකට ඇද දැම්මේය.

හත්වැනි  ඕවරයේ දෙවැනි පන්දුව අවසන් වන විට ලකුණු 4 ක් තුළ කඩුලූ තුනක් බිද වැටී එංගලන්ත පිල ලකුණු 29 කට කඩුලූ 4 ක් බවට පත්වීමෙන් ආසාර්ථකත්වයේ ඉඟි පළ කළේය. කුමාර් සංගක්කාර රැකගත් අගනා උඩ පන්දුව හමුවේ එංගලන්ත පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඉයන් බෙල්ගේ ඉනිම ලකුණු 12 කට සීමා විය.

මයිකල් කාබෙරි (06) මුළු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

සිය නවවැනි එක්දින තරගයකට ක‍්‍රීඩා කළ අෂාන් ප‍්‍රියංජන් පළපුරුදු ක‍්‍රීඩකයකු ලෙස පහර කරා යමින් පන්දු 33 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් සටහන් කරමින් ලකුණු 43 ක් රැුස් කළේය. ඇන්ජලෝ මැතිව්ස් (30) සහ අෂාන් ප‍්‍රියංජන් (43) පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 250 පෙනෙන මායිමට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.

කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් (14) සහ නුවන් කුලසේකර (0) ඉනිම අවසානය දක්වා කඩුල්ලේ රැදී සිටියේ නම් මීට වඩා ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ අවස්ථාව තිබුණි.

තිලකරත්න ඩිලෂාන් පන්දු 101 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 88 ක් රැුස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මෙය ඩිල්ෂාන්ගේ 35 වැනි එක්දින අර්ධ ශතකයයි. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන මහේල ජයවර්ධන (02) නොතිබූ ලකුණක් සොයද්දී දුවද්දී දැවී ගියේය.  

ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් ගුවනට මුසුකරමින් යැවූ පන්දුවට සංගක්කාර ස්විප් පහරකට සමාන පහරක් ගැසීමට යෑමේදී නිවැරදිව කල්මැන ගැනීමට නොහැකි වීමෙන් උඩ පන්දුවක් දී දැවී ගියේය. සංගක්කාර දැවී යන විට පන්දු 67 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් ලබා සිටියේය.

තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ළහිරු තිරිමාන්න පන්දු 37 කදී හයේ පහරක් සමගින් ලකුණු 10 ක් පමණක් රැස්කරමින් පළමු කඩුල්ල ලෙස ක‍්‍රීඩාගාරයේ අසුන් ගත්තේය. අධිවේගි  ඕවර තුළදී තිරිමාන්න ලකුණු එකතු වන පහර කරා නොයෑම ශ්‍රී ලංකාවට පාඩුවක් බවට පත්විය.

එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

මෙම තරගයේදී එංගලන්ත පිලේ නායකයා ලෙස ඔයින් මෝගන් කටයුතු කළේය. එංගලන්ත එක්දින පිලේ නිත්‍ය නායක ඇලිස්ටෙයාර් කුක් පෙරේදා (24) පුහුණුවීම්වලට සහභාගි වී සිටියදී ආබාධයකට ලක්වීම නිසා ඒ වෙනුවට ඇලෙක්ස් හේල්ස් සංචිතයට කැඳවා තිබේ.

දෙරට අතර තෙවැනි එක්දින තරගය අනිද්දා (28) මැන්චෙස්ටර්හිදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. 

ලකුණු පුවරුව

තරගයේ නවතම තත්වය

තරගයේ උණුසුම් අවස්ථා...


- 048

 

 


අදහස් (10)

ශී‍්‍ර ලංකාවට ලකුණු 157 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.