Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශී‍්‍ර ලංකාවට ලකුණු 9 ක ජයක්

ශී‍්‍ර ලංකාවට ලකුණු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 15 Comment
A A A

තිසර පෙරේරාගේ (49) අනගි ඉනිමෙන් ගොඩනැගුණු විශාල ලකුණු සංඛ්‍යාව නිසා එංගලන්තය එරෙහිව ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (20) පැවැති විස්සයි:20 ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය. ලකුණු 184 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 174 ක් පමණි.

බංග්ලාදේශයේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට එකම පරාජය ගෙන එමින් නොදැවී ලකුණු 116 ක් රැුස්කළ ඇලෙක්ස් හේල්ස්ගේ ඉනිම ලකුණු 66 කට කට සීමා කිරීමට ලසිත් මාලිංග සමත් විය. හේල්ස්ගේ පන්දු 41 ක ඉනිමට හතරේ පහර 7 ක් සහ හයේ පහරක් අන්තර්ගත විය.

මාලිංග සුපුරුදු වේගයෙන් පන්දු යැවීම වෙනුවට වේගය අඩාල කර පන්දු යවමින් ලකුණු 28 කට කඩුලූ තුනක් දවා ගනිමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය.  

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 183 ක් දක්වා රැගෙන එමින් තිසර පෙරේරා පන්දු 20 කදී ලකුණු 49 ක් රැුස් කරමින් අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියේය. තිසර සිය ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් කළේය.  උප නායක ළහිරු තිරිමාන්න ලකුණු 40 ක් ලබා හයවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ අතර තිරිමාන්නගේ පන්දු 32 ක ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

කිත්රුවන් විතානගේ 10 වැනි  ඕවරයේ සිවුවැනි පන්දුවේදී දැවී යන විට පන්දු 26 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 38 ක් ලබා සිටි අතර එහිදී කිත්රුවන් පළපුරුදු ක‍්‍රීඩකයකු මෙන්ම නිදහසේ පහර කරා යෑම කැපී පෙනුණි. කිත්රුවන් සහ තිරිමාන්න දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 54 ක් එක්කළහ.

රවී බොපාරා යැවූ ඉනිමේ 8 වැනි  ඕවරයේ දෙවැනි පන්දුවේ සිට සිවුවැනි පන්දුව දක්වා කිත්රුවන් විතානගේ පිත්තෙන් ගිලිහුණු අලංකාර හතරේ පහර තුන ශ්‍රී ලංකා ඉනිමට ශක්තිය එකතු කළේය. එම  ඕවරයේ පස්වැනි පන්දුවට කිත්රුවන්, ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාව කඩුලූ රකින ජෝජ් බට්ලර් වෙතින් මග හැරුණි.

යොවුන් ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 10 ක් ලබා මුළු ලකුණු සංඛ්‍යාව 24 ක්ව තිබියදී දෙවැනි කඩුල්ල බවට පත්විය. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 9 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 14 ක් ලබා සිටියදී හැරී ගානි යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධනගේ ස්ථානයට දිනේෂ් චන්දිමාල් ද, කුමාර් සංගක්කාරගේ ස්ථානයට කිත්රුවන් විතානගේ ද, මෙම තරගයේදී කණ්ඩායමට කැදවා සිටියහ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අනිද්දා (22) ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 

- 048

තරගයේ නවතම තත්වය

ලකුණු පුවරුව

තරගයේ තවත් සේයාරූ...

 


අදහස් (15)

ශී‍්‍ර ලංකාවට ලකුණු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.