Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති තුන්වැනි එක්දින තරගය අවසානයේදී ඩිල්ෂාන් අදහන ආගම පිළිබඳව පැවසූ කරුණු සම්බන්ධයෙන් පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු අහමඞ් ශෙෂාඞ්ට විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය සූදානම් වෙයි.
දඹුල්ලේ පැවැති එක්දින තරගය නිමාවී නැවතත් කී‍්‍රඩාගාරයට එමින් සිටියදී අහමඞ් ශෙෂාඞ් විසින් තමන්ට පවසන ලද කරුණු සම්බන්ධයෙන් තිලකරත්න ඩිල්ෂාන් හෝ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැමිණිළි කර නැතත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලිම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
පැමිණිල්ලක් නොකිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කරන ලද විමසීමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ ශී‍්‍ර ලංකාවේ විවිධ ආගම් අදහන ජනතාවක් සිටින බැවින් අහමඞ් ශෙෂාඞ්ගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් බරපතළව නොසළකන බවයි.
එසේ වුවත් පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපති ශාරියාර් ඛාන් මහතා ඒ. එෆ්. පි. පුවත් සේවයට පවසා ඇත්තේ ආගමික මතවාද සම්බන්ධයෙන් මැදිහත් නොවීමට පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය සමග අත්සත් කරනු ලැබ ඇති ගිවිසුම අහමඞ් ශෙෂාඞ් විසින් කඩකරනු ලැබ ඇති බවයි.
ශෙෂාඞ්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර වශයෙන් ඩිල්ෂාන් පවසා ඇත්තේ තමන්ට ශෙෂාඞ් හා එකග වීමේ හැකියාවක් නැති බවයි.
”එහෙනම් නිරයේ පැසෙන්න සූදානම් වෙයන්’ යයි අහමඞ් ශෙෂාඞ් එම අවස්ථාවේදී ඩිල්ෂාන්ට පිළිතුරු දී තිබේ.
අහමඞ් ශෙෂාඞ්ගේ ප‍්‍රකාශය එම අවස්ථාවේ එතැන සිටි රූපවාහිනී කැමරාවල මයික‍්‍රෆෝනයේ පටිගත වී ඇති හෙයින් පසුව එය කිසිවකු විසින් අන්තර්ජාලයට මුදාහරිනු ලැබ තිබිණ.
මෙවන් නොමනා කතා කීමේ රුසියකු වන අහමඞ් ශෙෂාඞ් පසුගිය වසරේදී පැවැති ශී‍්‍ර ලංකා - පාකිස්තානු තරගාවලිය අවසානයේදීත් ඩිල්ෂාන් සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහුගේ තරග මුදලින් සියයට 50 ක දඩයකට යටත් කෙරිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.