Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වන අද (12) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට කොදෙව් ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 96 ක් රැස්කර දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු ඉනිම අද තේ විවේකයට පෙර ලකුණු 413 කට සීමා වූ අතර දිනය අවසන් වන විට ශ‍්‍රී ලංකා පිල ලකුණු 317 ක් ඉදිරියෙන් සිටියේය.
සීකුගේ ප‍්‍රසන්න දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කොදෙව් පිලේ පළමු කඩුලූ දෙක සමගින් ලකුණු 24 කට කඩුලූ 5 ක් දවා ගත්තේය. එහිදී සීකුගේ උසින් වැඩි කොදෙව් පිතිකරුන්ට කඩුල්ල තුළට පන්දු යවමින් පීඩනය යොමු කළේය.
පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් දිමුත් කරුණාරත්න අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 234 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 139 ක් රැස්කරමින් සිය 18 වැනි පළමු පෙළ ශතකය ඊයේ වාර්තා කළේය.
විශ්ව ප‍්‍රනාන්දු (16) සහ ළහිරු ගමගේ (නොදැවී 12) අවසන් කඩුල්ලට ලකුණු 28 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 413 දක්වා රැගෙන ආහ.
දෙවැනි දිනය වූ අද දිවා විවේකයෙන් පසුව ලකුණු 371 දී ඕවරයක් තුළ නිරෝෂන් දික්වැල්ල (17), අෂාන් ප‍්‍රියංජන් (0) සහ ජෙහාන් මුබාරක් (25) දැවී යෑමෙන් ලකුණු 400 වෙහෙසක් දරා සම්පූර්ණ කිරීමට සිදුවිය.
දිනේෂ් චන්දිමාල් කිසිදු පීඩනයක් නොමැතිව නිදහසේ පහර කරා යමින් පන්දු 121 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 87 ක් ලබා සිටියදී දිවා විවේකයට පෙර සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
දෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස ළහිරු තිරිමාන්න දිනයේ 11 වැනි මෙන්ම ඉනිමේ 101 වැනි ඕවරයේදී දැවී ගියේය. මන්දගාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි තිරිමාන්න පන්දු 272 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 93 ක් ලබා ශතක ආසන්නයේ තිබියදී පිටියෙන් ඉවත් විය.
චන්දිමාල් සහ තිරිමාන්න අතර තෙවැනි කඩුල්ලට ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගුණු අතර එහිදී තිරිමාන්න රැුස්කළේ ලකුණු 17 ක් පමණි.
කොදෙව් පිට දග පන්දු යවන ක‍්‍රීඩක ෂේන් ෂිලිංෆෝඞ් ලකුණු 160 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.
හෙට (13) තරගයේ තෙවැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.