Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (5 වැනිදා) සිම්බාබ්වේ දෙවැනි ඉනිම ලකුණු 181 කට සීමා කිරීමට තයිජුල් ඉස්ලාම් ප්රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
තෙවැනි දිනය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 320 ක ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිම්බාබ්වේ කණ්ඩායමට වඩා තවත් ලකුණු 295 ක් පසුපසින් සිටියේය. ආරම්භක පිතිකරුවන් වූ ලිටන් දාස් ලකුණු 14 ක්ද, ඉම්රුල් කේයස් ලකුණු 12 ක්ද ලබා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
දෙවැනි දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී එක් ලකුණක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායම අද දිනයේදී සියලු දෙනා දැවී සිට දෙවැනි ඉනිමට තවත් ලකුණු 180 ක් එක්කර ගත්හ. සිම්බාබ්වේ කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක හැමිල්ටන් මසකඞ්සා, හතරේ පහර 7 ක් සමග ලකුණු 48 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.
බ්‍රෙන්ඩන් ටේලර් හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද, ෂේන් විලියම්ස් හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද, සිකන්දර් රාසා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, රේගිස් චකබ්වා හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක්ද රැස්කරමින් සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක තයිජුල් ඉස්ලාම් ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. ඒ සමගම මෙම තරගයේදී ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගියේය. මෙහෙදි හසන් ලකුණු 48 කට කඩුලු 3 ක්ද, නස්මුල් ඉස්ලාම් ලකුණු 27 කට කඩුලු 2 ක්ද දවාගනිමින් සිම්බාබ්වේ දෙවැනි ඉනිම සුනුවිසුණ කර දැමීම සඳහා ඉස්ලාම්ට අනගි සහායක් දුන්හ.
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 282
(හැමිල්ටන් මසකඞ්සා 52, ෂේන් විලියම්ස් 88, සිකන්දර් රාසා 19, පීටර් මූර් නොදැවී 63, රේගිස් චකබ්වා 28, තයිජුල් ඉස්ලාම් 108/6, නස්මුල් ඉස්ලාම් 49/2)
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 143
(අරිෆුල් හක් නොදැවී 41, මුෂ්ෆිකුර් රහීම් 31, මෙහෙදි හසන් 21, ටෙන්ඩායි චටාරා 19/3, සිකන්දර් රාසා 35/3, කයිල් ජාවිස් 28/2)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 181
(හැමිල්ටන් මසකඞ්සා 48, බ්‍රෙන්ඩන් ටේලර් 24, ෂේන් විලියම්ස් 20, සිකන්දර් රාසා 25, රේගිස් චකබ්වා 20, වෙලින්ටන් මසකඞ්සා 17, තයිජුල් ඉස්ලාම් 62/5, මෙහෙදි හසන් 48/3, නස්මුල් ඉස්ලාම් 27/2)
බංග්ලාදේශ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 26
(ලිටන් දාස් නොදැවී 14, ඉම්රුල් කේයස් නොදැවී 12)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.