Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වු අද (13 වැනිදා) තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 304 කට සීමා කිරීමට තයිජුල් ඉස්ලාම් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් විය.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේදී සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණු 218 ක් ඉදිරියෙන් සිටින බැවින් හෙට දිනයේදී (14 වැනිදා) පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කිරීමේ අවස්ථාව ඔවුන් සතුව තිබේ.
දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටි සිම්බාබ්වේ කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 279 ක් එක්කර ගත්තේ ඉතිරි කඩුලු 9 ද අහිමිකර ගනිමිනි. එහිදී සිම්බාබ්වේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු බ්‍රයන් චාරි හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළේය.
ලකුණු 131 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී පිටියේ එක්වූ බ්‍රෙන්ඩන් ටේලර් (110) සහ පීටර් මූර් (83) සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන ආහ. සිය පස්වැනි ටෙස්ට් ශතකය හතරේ පහර 10 කින් අලංකාර කිරීමට ටේලර් සමත් වෙද්දී මූර්ගේ පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ තයිජුල් ඉස්ලාම් සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවන් පස්දෙනෙක්ම අඩු ලකුණු ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. ඔහු යැවූ ඕවර 40 දී සිම්බාබ්වේ පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 107 ක් පමණි. සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඉස්ලාම්ට අනගි සහයක් දුන් මෙහෙදි හසන් ලකුණු 61 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 522
(මොමිනුල් හක් 161, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 219, මහමදුල්ලා රියාද් 36, මොහෙදි හසන් නොදැවී 68, කයිල් ජාවිස් 71/5)
සිම්බාබ්වේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 304
(හැමිල්ටන් මසකඞ්සා 14, බ්‍රයන් චාරි 53, බ්‍රෙන්ඩන් ටේලර් 110, පීටර් මූර් 83, තයිජුල් ඉස්ලාම් 107/5, මෙහෙදි හසන් 61/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.