Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිම්බාබ්වේ අතර හරාරේහිදී ඊයේ (22 වැනිදා) පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 3 ක සියුම් ජයක් වාර්තා කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් වීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සුළඟේ ගසාගෙන යන තතත්වයක් ඇතිවී තිබේ. සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති මෙම තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එමීර් රාජ්‍ය කණ්ඩායමට ලකුණු 3 ක ජයක් හිමිවීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන හිමිකරගැනීමට තිබූ අවස්ථාව දුරස් වී තිබේ.
ටෙස්ට් වරම් හිමි රටවල් වන සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානයද ඇතුළුව රටවල් 10 ක් අතර පැවැති තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙක ලබන වසරේදී (2019) එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
සිම්බාබ්වේ පිල ලකුණු 230 ක ඉලක්කයක් හඹා ගියද ඔවුන්ට කඩුලු 7 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 226 ක් පමණි. ෂෝන් විලියම්ස් පන්දු 80 කින් ලකුණු 80 ක් ලබාගත් නමුත් සිම්බාබ්වේ පිලට ඉලක්කය කරා යා නොහැකි විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටී. සුපිරි 6 දෙනාගේ තරගාවලියේ අවසන් ලීග් තරගය වන අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර තරගය අද (සිකුරාදා) පැවැත්වෙන අතර එම තරගයේ ජයග්‍රාහකයන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.
මෙම තරගය වර්ෂාවට සේදී ගියහොත් ලෝක කුසලාන තරගාවලිය සඳහා අයර්ලන්තය සුදුසුකම් ලබාගන්නේ ප්‍රසාද ලකුණු 5 ක් හිමිකරගන්නා කණ්ඩායම් අතරේ ශූද්ධ ලකුණු වේගය අනුව අයර්ලන්තය ඉදිරියට යන බැවිනි. එහෙත් යම් හෙයකින් අයර්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර තරගය සමවුවහොත් පමණක් දෙපිලේම ශූද්ධ ලකුණු වේගය නොවෙනස්ව පවතින බැවින් ලකුණු 0.420 ක ශුද්ධ ලකුණු වේගයක් පවත්වාගෙන යන සිම්බාබ්වේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත. එහෙත් ඒ සඳහා කණ්ඩායම් දෙකම අවම වශයෙන් ඕවර 25 ක් වත් පන්දුවට පහර දී තිබිය යුතුවන අතර සිම්බාබ්වේ පිලට ඉතිරිව ඇති එකම බලාපොරොත්තුවද එයයි.
ඉතාමත් තීරණාත්මක වූ ඊයේ තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාගත හැකිවූයේ කඩුලු 7 ක් දැවී ලකුණු 235 ක පමණි. තරගය නැවත ආරම්භ කරන විට සිම්බාබ්වේ පිලේ ඉලක්කය ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව ඕවර 40 කදී ලකුණු 230 ක් වී තිබිණ.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් සටන ගෙන ගිය ෂෝන් විලියම්ස් දැවී යන විට සිම්බාබ්වේ ජයග්‍රහණය සඳහා පන්දු 18 කින් ලකුණු 24 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් සාර්ථක පන්දු යැවීමක යෙදුණු එමීර් ක්‍රීඩකයෝ ඉලක්කය පන්දු 6 කදී ලකුණු 15 ක් දක්වා වෙනස් කළහ. අවසානයේදී ලකුණු 3 ක් මදිවිය.
“ටෙස්ට් කණ්ඩායමක් පරාජය කරමින් ලබාගත් මේ ජයග්‍රහණය අපට ලොකු දෙයක්. කවුරුවත් අපි ගැන දැනගෙන හිටියේ නෑ. ඒත් දැන් දැනගනීවි....මට සිම්බාබ්වේ ගැන කණගාටුයි. ඒත් ක්‍රීඩාවේ හැටි එහෙම තමා” යයි එක්සත් අරාබි එමීර් පිලේ නායක රොහාන් මුස්තාෆා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.