Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා එක්ව ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන අවසන් එක්දින තරගය වන ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන හත්වැනි සහ අවසාන එක්දින තරගය හෙට (16 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම තව නොබෝ දිනකින් ආරම්භ වන නවසීලන්ත සංචාරය සඳහාත් ලබන වසරේ පෙබරවාරි - මාර්තු මාසවලදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහාත් සහභාගි වෙති. එහෙත් ලෝක කුසලාන තරගාවලියට පෙර ශී‍්‍ර ලංකාවේදී වෙනත් එක්දින තරග නොපැවැත්වීම නිසා ඔවුන් දෙදෙනා ශී‍්‍ර ලංකාවේදී තරග වදින අවසන් අවස්ථාව මෙයයි.
ශී‍්‍ර ලංකා - එංගලන්ත තරගාවලිය මේ වන විටත් 4-2 ලෙසින් ජයගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව සිටින බැවින් සංගා - මහේල සමුගැනීමේ සාදය වෙනුවෙන් ඕනෑම ආකාරයේ වෙනසක් කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට අවස්ථාව තිබේ.
එබැවින් මෙම තරගය මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් ලෝලීන්ගෙන් සමුගැනීම සඳහා කදිම අවස්ථාවක් නිර්මාණය කරදී තිබේ.
පොදු කි‍්‍රකට් පේ‍්‍රක්‍ෂකයාගේ සිතිවිල්ල එසේ වන නමුත් මහේල ජයවර්ධන සතුව ඇත්තේ වෙනත් අදහසකි.
”මෙය විශේෂ අවස්ථාවක් තමයි. ඒත් අපට ඕනෑ කරන්නේ තරගය ජයග‍්‍රහණය කරලා තරගාවලිය ජයග‍්‍රාහී ලෙසින් අවසන් කරන්නයි”
”මා අන්තර්ජාතික කි‍්‍රකට් දිවිය (1997 දී මංගල ටෙස්ට් තරගය) ආරම්භ කළ තැනින්ම ශී‍්‍ර ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික තරග අවසන් කරන්න ලැබීමත් වාසනාවක් ලෙසින් මා සලකනවා. මොන දේ වුණත් අපි හෙට තරගයත් ජයගන්න ඕනෑ” යයි අද (15 වැනිදා) දහවල් පැවැති පුවත් පත් සාකච්ඡවට සහභාගි වෙමින් මහේල ජයවර්ධන පැවසීය.
කුසල් ජනිත් දිගින් දිගටම අසාර්ථක වීම නිසා ආරම්භක පිතිකරුවා ලෙසින් වගකීම බාරගත් මහේල ජයවර්ධන සිය නව භූමිකාව සම්බන්ධයෙන් දරන්නේ් විවෘත අදහසකි.
”මා දිගින් දිගටම ආරම්භක පිතිකරුවා වේවිද නැද්ද කියලා දැන්ම කියන්න බෑ. එන එන විදිහට වගේම කණ්ඩායමේ අවශ්‍යතාව මොකක්ද කියන එක ගැනත් බලන්න ඕනා. ඒ කෝක වුණත් පිතිකරු ලයිස්තවේ ඕනෑම ස්ථානයකින් පන්දුවට පහර දෙන්න මා සූදානම්” යයිද මහේල පුවත් පත් සාකච්ඡුාවේදී පැවසීය.
”ආරම්භක පිතිකරුවා වීම මට අලූත් දෙයක් නෙමේ. මා මීට පෙරත් එක්දින තරග වලදී ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කරලා තියෙනවා” යයි පැවසූ මහේල ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන්ට දිගින් දිගටම අවස්ථාව නොලැබිය හැකි නමුත් ඔවුන් භාවිතා කෙරෙන්නේ තරගයේ අවශ්‍යතා අනුව බවත් පැවසීය.
පල්ලෙකැළේදී පැවැති තරගයේදී සචිත‍්‍ර සේනානායක පාදයේ සුළු ආබාධයකට ලක්වූවත් එය පන්දු යැවීමට විශාල බාධාවක් නොවේ. එහෙත් ඔහුව විවේක ගැන්වීමට තේරීම් කමිටුව අදහස් කළහොත් මෙම තරගයේදී ඩිල්රුවන් පෙරේරාට අවස්ථාව හිමිවිය හැකිය.
සචිත‍්‍රගේ ආබාධය සම්බන්ධයෙන් කළ විමසීමේදී මහේල ජයවර්ධන පවසා සිටියේ හෙට තරගයත් කී‍්‍රඩා කිරීමට සචිත‍්‍ර සේනානායක ඉතා උනන්දුවෙන් සිටින බවයි.
”කාලයක් සෙල්ලම් නොකර ඉඳලා සචිත‍්‍රටත් දැන් තරග කරන්න තියෙන්නේ පුදුම ආසාවක්. මම දන්න සචිත‍්‍ර නම් හෙට තරගයට කී‍්‍රඩා කරන්න ඉතාමත් උනන්දුවෙන් ඉන්නේ” යයිද මහේල පැවසීය.
චයිනමන් පන්දු යවන්නකු වන ලක්ෂාන් රංගිකට මෙම තරගයේදී අවස්ථාවක් ලැබීමට වැඩි ඉඩක් තිබුණේ ලෝක කුසලන තරගාවලියට පොරතුව අන්තර්ජාතික කණ්ඩායමක් හමුවේ ඔහුගේ හැකියාවන් උරගා බැලීමට අවස්ථාවක් දිය යුතු වීමත් ශී‍්‍ර ලංකා පිල මේ වන විට තරගාවලිය ජයගෙන තිබීමත් නිසාය. අනෙක් අතට ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණය ඉතාමත් මන්දගාමී සහ අඩු ඉපිළීමකින් යුතු වනවාක් මෙන්ම කී‍්‍රඩා කිරීමට දග පන්දු යවන්නන් මහත් අභිරුචියක් දක්වන කී‍්‍රඩාංගණයකි.
එසේ වුවත් සී. සී. සී. පිල සහ රාගම පිල අතර පෙරේදා සී. සී. සී. පිටියේදීම පැවැති තරගයේදී ලක්ෂාන්ගේ ඕවර 4 කින් ලකුණු 45 ක් උදුරා ගැනීමට රාගම පිලේ පිතිකරුවන් සමත් වීම නිසා එංගලන්තයට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේදීත් වතුර ඇදීමට ලක්ෂාන්ට සිදුවුවහොත් එය පුදුමයක් නොවේ.
මේ අතර එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් තමන්ගේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයකට මැදිව සිටී. එංගලන්ත පිලේ පුහුණුකරුවා වන පීටර් මුවර්ස් පසුගියදා බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණේ ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත නායකත්වය කුක්ට හිමිවීම තවමත් ස්ථිර නැති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.