Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගලාගේ ඩකා පිල පළමු ජය ලබයි

සංගලාගේ ඩකා පිල පළමු ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සහ කුල්නා ටයිටන්ස් කණ්ඩායම අතර ෂිලාත්හිදී ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 65 ක ජයක් අත්කර ගැනීමට ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමත් විය. ඩකා කණ්ඩායම මෙම තරගාවලියේදී සහභාගි වූ දෙවැනි තරගය මෙය වන අතර එහිදී ලැබූ පළමු ජයග්‍රහණයද මෙයයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹා ගිය කුල්නා ටයිටන්ස් කණ්ඩායමට අබූ හයිඩර් ප්‍රමුඛ ඩකා පන්දු යවන්නන් හමුවේ ඕවර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි.
 
එහිදී දක්ෂ පන්දුයැවීමක නිරත වූ අබූ හයිඩර් ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වූ අතර කුල්නා ටයිටන්ස් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක සකීබ් අල් හසන්, සුනිල් නරේන් සහ කලීඞ් අහමඞ් කඩුලු 2 බැගින් දවාගත්හ.

කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජොෆාරා ආචර් පන්දු 24 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළ අතර චැඞ්වික් වෝල්ටන් පන්දු 13 කදී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහදුන් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 116 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට එවින් ලුවිස් (66) සහ කැමරන් ඩෙල්පොර්ට් (64) සමත් වූහ. පන්දු 40 කදී වාර්තා වූ ලුවිස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත වූ අතර පන්දු 31 කදී වාර්තා වූ ඩෙල්පොර්ට්ගේ අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර පන්දු 12 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළ අතර උඩ පන්දු 3 ක් රැක ගැනීමටද සමත් විය.


ඩකා ඩයිනමයිට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 202
(කුමාර් සංගක්කාර 20, එවින් ලුවිස් 66, කැමරන් ඩෙල්පොර්ට් 64, සුනිල් නරේන් 16, අබූ ජයේද් 29/2, ශෆියුල් ඉස්ලාම් 41/2)

කුල්නා ටයිටන්ස් පිල - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 137
(චැඞ්වික් වෝල්ටන් 30, රලී රොස්සොව් 23, ජොෆාරා ආචර් 36, අබූ හයිඩර් 13/3, සකීබ් අල් හසන් 25/2, සුනිල් නරේන් 32/2, කලීඞ් අහමඞ් 34/2)


- 036

 


අදහස් (0)

සංගලාගේ ඩකා පිල පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.