Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගා - මහේල එක්වීමත් සමග ශී‍්‍ර ලංකා පිලට ඉනිමං සැදෙයි

සංගා - මහේල එක්වීමත් සමග ශී‍්‍ර ලංකා පිලට ඉනිමං සැදෙයි

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 7 Comment
A A A

ප‍්‍රසාද ලකුණු 1 ක පරතරයක් සහිතව එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ තුන්වැනි සහ සිවුවැනි ස්ථාන වල සිටින ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින අන්තර්ජාතික තරගාවලිය හෙට (22 වැනිදා) ලන්ඩන්  ඕවල් පිටියේදී ආරම්භ වේ. ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30 ට මෙම තරගය ආරම්භ වේ.

අන්තර්ජාතික එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ප‍්‍රසාද ලකුණු 21 ක් අතරේ කණ්ඩායම් 8 ක් රැඳී සිටින හෙයින් ශී‍්‍ර ලංකා - එංගලන්ත තරගාවලියේ ප‍්‍රතිඵලය අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ බොහෝ ස්ථාන වෙනස් විය හැකිය. එම තත්ත්වය මත එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ලබාගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට මෙන්ම එංගලන්ත පිලටද තිබේ. එහෙත් ඒ සඳහා කණ්ඩායම් දෙකින් කවරකු හෝ 5-0 ක තරගාවලිය ජයක් ලබාගත යුතුය. එසේ වුවහොත් තරගාවලිය පරාජය වන කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා ඇද වැටෙයි.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව හෝ එංගලන්තය 3-2 ක තරගාවලි ජයක් ලබාගත්තද තමන් දැනට සිටින ස්ථානය වෙනස් වීමට එය ප‍්‍රමාණවත් වේ.

තරගාවලියේ 3-2 ක ජයක් ශී‍්‍ර ලංකාව සතුවුවහොත් ශ්‍රේණිගත ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණීමට ශී‍්‍ර ලංකා පිලට අවස්ථාව තිබෙන අතර 3-2 ක තරගාවලි ජය එංගලන්තය සතු වුවහොත් එංගලන්තය 3 වැනි තැනටත් ශී‍්‍ර ලංකාව 4 වැනි තැනටත් පැමිණේ.

තත්ත්වය කුමක් වුවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ විශාලතම අස්වැසිල්ල වන්නේ තරුණ කී‍්‍රඩකයන්ගේ දස්කම් මතින් පෙරේදා පැවැති විස්සයි:20 තරගයේදී එංගලන්තය පරදවා ලකුණු 9 ක ජයක් අත්කර ගැනීමත් ප‍්‍රවීණ පිතිකරුවන් දෙපළ වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන අද තරගයේ සිට නැවතත් කණ්ඩායමට එක්වීමත්ය.

විස්සයි20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමත් සමගම පිතිකරුවකු වශයෙන් විස්වාසනීයත්වය වැඩි කරගනිමින් සිටින දිනේෂ් චන්දිමාල්ද නැවතත් ලකුණු අතරට පැමිණේමින් සිටි.

මෙම තත්ත්වය අනුව තරගාවලිය ජයගනිමින් එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ යාමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට තිබේ.

කණ්ඩායම් දෙකේම සිටින පිිතිකරුවන් අතුරින් එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින්නේ කුමාර් සංගක්කාරය. එක්දින පිතිකරුවන් අතර සංගක්කාර 5 වැනි ස්ථානයේ සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් (26), මහේල ජයවර්ධන (30), ළහිරු තිරිමාන්න (39) සහ දිනේෂ් චන්දිමාල් (41) පළමු පිතිකරුවන් 50 දෙනා අතර සිටිති.
එංගලන්න පිලේ ජේම්ස් ඇන්ඩසන් පන්දු යවන්නන් අතරේ 7 වැනි ස්ථානයේ සිටී.


මැයි 20 වැනිදා පැවැති එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම

ශ්‍රේණිය කණ්ඩායම ප්‍රසාද ලකුණු
1 ඕස්ට්‍රේලියාව 115
2 ඉන්දියාව 112
3 ශ්‍රී ලංකාව 111
4 එංගලන්තය 110
5 දකුණු අප්‍රිකාව 109
6 පාකිස්තානය 100
7 නවසීලන්තය 98
8 බටහිර ඉන්දීය කොදෙව් 94
9 බංග්ලාදේශය 73
10 සිම්බාබ්වේ 61
11 ඇෆ්ගනිස්ථානය 34
12 අයර්ලන්තය 33

අදහස් (7)

සංගා - මහේල එක්වීමත් සමග ශී‍්‍ර ලංකා පිලට ඉනිමං සැදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.