Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සංගා යළිත් වැඩ අරඹයි

සංගා යළිත් වැඩ අරඹයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 තරගාවලියේ පළමු තරගය ලෙස පේෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සුල්තාන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ සංගක්කාර පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

නායක ෂොයිබ් මලික් (නොදැවී 42) සමග එක්ව සුල්තාන්ස් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සංගක්කාර සමත් වූ අතර වහබ් රියාස්ගේ පන්දුවක් හමුවේ කම්රාන් අක්මාල් අතට උඩපන්දුවක් දෙමින් ඔහු දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

සංගක්කාරගේ දැවී යෑමෙන් අනතුරුව මලික් සමග එක්වූ කිරන් පොලාඞ් (නොදැවී 21) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සුල්තාන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 30 කදී වාර්තා වූ මලික්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 13 කදී වාර්තා වූ පොලාඞ්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පේෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට මොහොමඞ් හෆීස් සමත් වූ අතර පන්දු 52 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. සල්මි ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ඩැරන් සැමී පන්දු 11 කදී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි.


පේෂාවර් සල්මි පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 151
(ඞ්වේන් ස්මිත් 24, මොහොමඞ් හෆීස් 59, හාරිස් සොහෙල් 14, ඩැරන් සැමී 29, මොහොමඞ් ඉර්ෆාන් 19/2)

මුල්තාන් සුල්තාන්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 3 කට 152
(කුමාර් සංගක්කාර 57, ෂොයිබ් මක්සූද් 21, ෂොයිබ් මලික් නොදැවී 43, කිරන් පොලාඞ් නොදැවී 21, වහබ් රියාස් 19/2)


- 036

 


අදහස් (0)

සංගා යළිත් වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.