Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පෙබරවාරී 6 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන හොං කොං බ්ලිට්ස් විස්සයි20 තරගාවලියේ ගැලැක්සි ග්ලැඩියේටර්ස් ලන්තාවූ කණ්ඩායම සදහා කුමාර් සංගක්කාර නැවත වරක් එක්වී සිටී. ටෙස්ට් ලකුණු 12,400 ක් සහ එක්දින ලකුණු 14,200 ක් රැස්කර ඇති සංගක්කාරගේ ආගමනය හේතුවෙන් හොං කොංහි දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
පසුගිය වසරේ කණ්ඩායමේ නායකයාවූ අන්ශුමන් රාත්ට මඟ පෙන්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ මිතුරුකම දේශීය තරගාවලියෙන් ඔබ්බටද පැවැතිණ.
හොංකොං කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවකු වන රාත් මෙම වසරේදී සිටි කයිටැක් කණ්ඩායමට ක්‍රීඩා කළද ගැලැක්සි ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ක්‍රීඩා කරන හිටපු ශ්‍රී ලංකා නායකයා සහ කඩුලු රකින්නාට අනෙකුත් දේශීය ක්‍රීඩකයන්ගෙන් මනා සහයෝගයක් ලැබෙනු ඇත. ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් තවත් විදේශීය ක්‍රීඩකයෝත් ක්‍රීඩා කරති.
“අවසන් වරට බ්ලිට්ස් තරගාවලියේදී ලබාගත් අත්දැකීම් සම්බන්ධයෙන් මා ඉතාමත් සතුටට පත්වෙනවා. දෙවැනි වතාවටත් තරගාවලියට එක්වීමට ඉතාමත් ආශාවෙන් බලා ඉන්නවා” යයි සංගක්කාර හොං කොං හි පුවත් පතකට කියා තිබිණ.
හොංකොං වලදි ලැබෙන අත්දැකීම් වලට තමන් ඇළුම් කරන බවත් නැවත පැමිණ දක්ෂතා වලින් පිරිපුන් දේශීය ක්‍රීඩකයින් සමගින් උද්‍යෝගිමත් ආධාරකරුවන් ඉදිරියේ ක්‍රීඩාකරමින් ඉදිරියට යෑමට තමන් කැමති බවද සංගක්කාර පැවසීය.
පසුගිය වසරේදී තරග 4 කට සහභාගීවූ ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ එක් තරගයක්වූ අතර මේ වසරේදී ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
ගැලැක්සි ගැලැඩියේටර්ස් ලන්තාවූ කණ්ඩායමට අමතරව ගිය වසරේ ජයග්‍රාහකයින්වූ කොවුලූන් කැන්ටන්ස්, සිටි කයිටැක්, හුන්ග් හොන්ග් ජේඩී ජැගුවර් සහ හොංකොං අයිලන්ඞ් යුනයිටඞ් කණ්ඩායම් මෙම තරගාවලියට ක්‍රීඩා කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.