Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සකීබ්ගේ තුන් ඉරියව් දස්කම් බංග්ලාදේශට ජය ගෙනෙයි

සකීබ්ගේ තුන් ඉරියව් දස්කම් බංග්ලාදේශට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සකීබ් අල් හසන්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඩකාහිදී අද (20 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 36 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 212 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 19.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණි.

පන්දු 19 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළ ශායි හෝප් වේගවත් ආරම්භයක් ලබාගත්තද මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියහ. 

හුදකාල සටනක නිරතවූ රොව්මන් පවෙල් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස්කර සිටියදී මුස්ටෆීසූර් රහ්මන්ගේ පන්දුවක් හමුවේ ටමීම් ඉක්බාල් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

පන්දු 16 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස්කළ කීමෝ පෝල් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද එය අසාර්ථක විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සකීබ් අල් හසන් සිය ඕවර 4 ලකුණු 20 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය. ඒ අනුව විස්සයි 20 තරගයක හොදම පන්දු යැවීම වාර්තා කිරීම සකීබ් අල් හසන් අද සමත්විය. මුස්ටෆීසූර් රහ්මන් කඩුලු 2 ක් දවාගත්තේය.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 211 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

ආරම්භක පිතිකරු ලිටන් දාස් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 34 කදී ලකුණු 60 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 කින් ඔහුගේ ඉනිම අලංකාර විය.

ටමීම් ඉක්බාල් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 25 කදී ලකුණු 42 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ලිටන් දාස් දෙවැනි කඩුල්ල සඳහා සෞම්‍ය සර්කාර් සමගින් එක්ව පන්දු 42 කදී ලකුණු 68 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ලකුණු 120 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ සකීබ් අල් හසන් සහ මහමුදුල්ලා පන්දු 42 කදී ලකුණු 91 ක වේගවත් නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ. සකීබ් අල් හසන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 42 ක් රැස්කළ අතර මහමුදුල්ලා පන්දු 21 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස් කළේය.

ශෙල්ඩන් කොට්ටේ්‍රල් කඩුලු 2 ක් දවාගත් අතර ඔශේන් තෝමස් සහ ෆාබියන් ඇලන් අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.

බංග්ලාදේශ කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 211
(ලිටන් දාස් 60, සෞම්‍ය සර්කාර් 32, සකීබ් අල් හසන් නොදැවී 42, මහමුදුල්ලා නොදැවී 43, ශෙල්ඩන් කොට්ටේ්‍රල් 38/2)

කොදෙව් කණ්ඩායම - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 175
(ශායි හෝප් 36, රොව්මන් පවෙල් 50, කීමෝ පෝල් 29, සකීබ් අල් හසන් 20/5, මුස්ටෆීසූර් රහ්මන් 50/2)


අදහස් (0)

සකීබ්ගේ තුන් ඉරියව් දස්කම් බංග්ලාදේශට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.