Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සටන්කාමී ඉන්දියාව පරදා ඕස්ටේ‍්‍රලියාව ජයගනී

සටන්කාමී ඉන්දියාව පරදා ඕස්ටේ‍්‍රලියාව ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 48 ක ජයක් අත්කර ගැනීමට  ඕස්ටේ‍්‍රලියාව සමත් විය. තරගයේ අවසන් දිනය වූ අද (13 වැනිදා) ජයග‍්‍රහණය සඳහා ලකුණු 364 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 315 ක් පමණි.

තරගයේ අවසන් දිනයේදී ලකුණු 364 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම විරාට් කෝලි පිටියේ රැඳී සිටියදී කඩුලූ 5 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටියේය. එම අවස්ථාවේදී කඩුලූ 5 ක් අතැතිව සිටි ඉන්දිය පිලට ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 65 ක් වුවද රිදිමන් සහා දැවී යාමත් සමගම ඉන්දිය පිලේ අවසන් කඩුලූ 5 ම ලකුණු 16 ක් තුළදී ඇද වැටිණ.

ඉන්දීය පළමු ඉනිමේදී ශතකයක් (115) ලබාගත් නායක විරාට් කෝලි, දෙවැනි ඉනිමේදීද ශතකයක් (141) ලබාගැනීමට සමත් වුවද තම කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔහුට නොහැකි විය. කෝලි, ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක ලබාගත් පළමු අවස්ථාව මෙය වන අතර අද ලබාගත් සිය 8 වැනි ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 16 ක් අන්තර්ගත කිරීමට ඔහු සමත් විය.

තරගයෙන් අනතුරුව විරාට් කෝලි පවසා සිටියේ එය ඉතාමත් හොඳ ටෙස්ට් කි‍්‍රකට් තරගයක් බවත් තමන්ගේ කී‍්‍රඩකයන් කී‍්‍රඩා කළ ධෛර්යවත් කී‍්‍රඩා විලාසය සම්බන්ධයෙන් තෘප්තිමත් වන බවත්ය. එසේ වුවත් ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන් තමන්ට වඩා හොඳින් කී‍්‍රඩා කළ බවද ඉන්දීය පිලේ තාවකාලික නායකයා පැවසීය.

ඉන්දීය ආරම්භක පිතිකරු මුරලි විජේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 99 ක් ලබා සිටියදී නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ඕස්ටේ‍්‍රලියා පිල ජයග‍්‍රහණක කරා රැගෙන ගිය නේදන් ලයන්, ලකුණු 152 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත්විය. පළමු ඉනිමේදී දවාගත් කඩුලූ 5 ත් සමගින් ඔහු මෙම තරගයේ ඉනිම් දෙකේදීම දවාගත් කඩුලූ සංඛ්‍යාව 12 කි.

පළමු ඉනිමේදී ලද ලකුණු 73 ක වාසියත් සමගින් දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 5 ක් දැවී ලකුණු 290 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ඉන්දීය පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළේය.


ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 517
ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 444

ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - කඩුලූ 5 ක් දැවී 290
(කි‍්‍රස් රොජර්ස් 21, ඬේවිඞ් වෝනර් 102, ෂේන් වොට්සන් 33, ස්ටීවන් ස්මිත් නොදැවී 52, මිචෙල් මාර්ෂ් 40, බ‍්‍රැඞ් හැඞ්න් 12, කරන් ශර්මා 95/2)

ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 315
(මුරලි විජේ 99, චෙටේස්වාර් පුජාරා 21, විරාට් කෝලි 141, නේදන් ලයන් 156/7, මිචෙල් ජොන්සන් 45/2)


- 036


අදහස් (1)

සටන්කාමී ඉන්දියාව පරදා ඕස්ටේ‍්‍රලියාව ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.