Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සතියකදී නවෝද්ට ඡන්ද 5400 ක්

සතියකදී නවෝද්ට ඡන්ද 5400 ක්

Nisanka Sandeepani - 2019 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) 13 වැනි සතිය නිමාවන විට ඡන්ද 7051 ක් ලබාගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්ව සිටියි. 12 වැනි සතිය අවසානයේ ඡන්ද 1603 ක් ලබා දෙවැනි ස්ථානයේ රැදී සිටි පරණවිතාන, එම කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත්තේ 13 වැනි සතිය තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 5448 ක් එක්කර ගනිමිනි. 

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන පරණවිතාන සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණීමත් සමග එතෙක් එහි පෙරමුණ රැකගෙන සිටි මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ්ට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 280 ත් සමගින් මේ වන විට සුඛිත ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 2860 කි. නවතම ගණන් කිරීම අනුව නවෝද් පරණවිතාන සහ සුඛිත මනෝජ් අතර පවතින පරතරය ඡන්ද 4191 කි. 

නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 3353 සිට 3567 ක් දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 1271 ක් පසුපසින් සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ඡන්ද 2296 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. 

බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 235 ක් ලබා සිටින අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 38 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. 

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. 

තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය. 

කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ. 

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 මින්ලක විමලරත්න, 136, හමස් පාර, ගල්වඩුගොඩ,ගාල්ල 
2 එම්.එස්.එම්. ශෆ්නි, 174/1, නාවලපිටිය පාර, මරියාවත්ත 
3 ඩී.එස්. සිරිවර්ධන, 269/4, ශාන්තිපුර, හෝකන්දර පාර, තලවතුගොඩ 
4 සේනක පීරිස්, 7, සිල්වා මාවත, නාගොඩ, කඳාන

-036                                                                                            


අදහස් (0)

සතියකදී නවෝද්ට ඡන්ද 5400 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.