Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සධීර 11 දෙනාගේ වළල්ල අබියස

සධීර 11 දෙනාගේ වළල්ල අබියස

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (22 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට සෙන්චූරියන්හිදී ආරම්භ වේ. 


පළමු තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා වෙනුවට සධීර සමරවික්‍රම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායට ඇතුළත් වීමට ඉඩ ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. දෙරට අතර පැවැති පළමු තරගය සුපිරි ඕවරයේදී ජයගත් දකුණු අප්‍රිකාව, මේ වන විට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. 


දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ෆෆ් ඩුප්ලෙසි, ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තාහිර් දෙවැනි තරගයට සහභාගි නොවන අතර ඔවුන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. 


ඔවුන් වෙනුවට ඞ්වේන් ප්‍රිටෝරියස්, ක්‍රිස් මොරිස් සහ ලුතෝ සිපම්ලා දකුණු අප්‍රිකානු කණ්ඩායමට කැඳවා සිටින අතර ජේ.පී. ඩුමිනි මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමට සූදානමින් සිටියි. 


ශ්‍රී ලංකා සංචිතය 
ලසිත් මාලිංග (නායක), ඉසුරු උදාන, තිසර පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, කුසල් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, සුරංග ලක්මාල්, සධීර සමරවික්‍රම, ප්‍රියමාල් පෙරේරා, අසිත ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් 


දකුණු අප්‍රිකානු සංචිතය
ජේ.පී. ඩුමිනි (නායක), රීසා හෙන්ඩි්‍රක්ස්, ඒඞ්න් මාක්‍රම්, ඬේවිඞ් මිලර්, ක්‍රිස් මොරිස්, ඇන්රිච් නොට්ජේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඞ්වේන් ප්‍රෙටෝරියස්, සින්තෙම්බා ක්වේශිල්, තබ්‍රේස් ශම්සි, ලුතෝ සිපම්ලා, ඬේස් ස්ටේන් සහ රාසි වැන්ඩර් ඩුසේන් 

-036 


අදහස් (0)

සධීර 11 දෙනාගේ වළල්ල අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.