Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ටෝක්ස් වෙනුවට වෝක්ස් එයි

ස්ටෝක්ස් වෙනුවට වෝක්ස් එයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

එංගලන්ත කණ්ඩායමට ඇතුළත්ව සිටි බෙන් ස්ටෝක්ස් වෙනුවට තුන් ඉරියව් කී‍්‍රඩක කි‍්‍රස් වෝක්ස් ඇතුළත් කිරීමට විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටුව අවසර දී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පසුගියදා පැවැති තරගාවලියේදී දකුණු අතේ මැණික්කටුව තුවාල වීම නිසා තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන බෙන් ස්ටෝක්ස්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි. ඔහු වෙනුවට කණ්ඩායමට එක්වන කි‍්‍රස් වෝක්ස් වි:20 අන්තර්ජාතික තරග 4 කට කී‍්‍රඩා කර ඇති අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේදී තරගාවලියකට සහභාගි වූ එංගලන්ත ‘ඒ’ පිලේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

මෙම වෙනස්කම සඳහා අනුමැතිය දුන් තාක්‍ෂණික කමිටුවට ජෙෆ් ඇලර්ඩිස්, කැම්බෙල් ජැමීසන්, මහබුල් අනාම්, කාලිඞ් මහමුද් සුජාන්, රසල් ආනල්ඞ් (ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩක සහ රූපවාහිනී විස්තර විචාරක) සහ පොමී මබන්ග්වා ඇතුළත් වෙති

 


අදහස් (0)

ස්ටෝක්ස් වෙනුවට වෝක්ස් එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.