Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වීම නිසා වසරක ක්‍රිකට් තහනමකට මුහුණ දුන් ස්ටීවන් ස්මිත් සහ ඬේවිඞ් වෝනර් දෙදෙනාම ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තෝරාගනු ලැබ සිටිති.
වසර 2018 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකානු පිලට එරෙහිව කේප් ටවුන් නුවරදී පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඕස්ට්‍රේලියානු පිලේ එවකට සිටි නායකයා වූ ස්ටීවන් ස්මිත් සහ උපනායකයා වූ ඬේවිඞ් වෝනර් දෙදෙනටම සිය තනතුරු අහිමි කර වසරක තරග තහනමක් පනවන ලදි. පන්දුව පළුදු කිරීමට සම්බන්ධ වූ පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ටද මාස 9 ක තහනමක් පනවන ලද අතර ඔහුගේ තහනම පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් විය.
තහනමින් මිදුණු පසුව අයි.පී.එල්. තරගාවලියේදී ස්ටීවන් ස්මිත් රාජස්තාන් රෝයල්ස් පිලත් ඬේවිඞ් වෝනර් සන්රයිසස් හයිද්‍රාබාද් පිලත් නියෝජනය කරති. එහෙත් ගතවූ වසරක කාලයේදී මේ දක්වා ඕස්ට්‍රේලියානු නිල ඇඳුමින් ක්‍රීඩා කර නැත.
“පසුගිය මාස හයක කාලයේදී එක්දින සංචිතය ගොඩනැඟෙමින් ආ ආකාරය සම්බන්ධයෙන් අප ඉතාමත් සතුටට පත්වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදීත් පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි රාජ්‍යයේදීත් ලබාගත් ජයග්‍රහණ අති විශේෂයි”
“ස්ටීව් ස්මිත් වගේම ඬේවිඞ් වෝනර් කණ්ඩායමට ඇවිත් ඉන්නවා. ඒ දෙන්නාම ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ....අයි.පී.එල්. තරගාවලියේදී ඔවුන් දස්කම් අතර සිටිනු දැකීම සතුටක්” යයි ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ කැඳවුම්කරු ටේරවර් හෝන්ස් මහතා පැවසීය.
ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී සිය මංගල එක්දින ශතක ලබාගත් ජොස් හේසල්වුඞ් සහ පීටර් හැන්ඞ්ස්කොම්බ් දෙදෙනාටම ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
ඕස්ට්‍රේලියානු පිලේ පළමු වැනි ලෝක කුසලාන තරගය ජූනි මස 1 වැනිදා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව බ්‍රිස්ටල්හිදී පැවැත්වේ.
ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ජේසන් බර්හාන්ඩොෆ්, ඇලෙක්ස් කේරි, නේදන් කුල්ටර්නයිල්, පැට් කමින්ස්, උස්මන් කවාජා, නේදන් ලයන්, ෂෝන් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජායි රිචඞ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, ඬේවිඞ් වෝනර් සහ ඇඩම් සම්පා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.