Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අළු බඳුන තරගාවලියේදී සිය තුන්වැනි ශතකය ලබාගත් ස්ටීවන් ස්මිත් ජයග්‍රහණයක් සොයමින් ගිය එංගලන්ත පිලේ ගමන අවහිර කළේය. මේ වන විටත් 3-0 ක් ලෙසින් තරගාවලිය ජයගෙන සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් එහි නායක ස්මිත් ලබාගත් ශතකය නිසා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සත්කාරකයන්ට හැකිවිය.
![]() |
![]() |
පන්දු 275 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 102 ක් ලබාගත් ස්මිත් සිය කණ්ඩායමේ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 4 කට 263 ක් දක්වා ඉහළ දැමීය. මුල් ඉනිමේදී ලකුණු 164 ක අවාසියකට මුහුණ දුන් නමුත් තරගය නිමා වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ලකුණු 99 ක් ඉදිරියෙන් සිටියේය. ස්මිත්ට අනගි සහයෝගයක් දුන් අංක 6 පිතිකරු මිචෙල් මාෂ් පන්දු 166 කට මුහුණ දුන් නමුත් ලබාගත්තේ ලකුණු 29 ක් පමණි. සිය නායකයා මෙන්ම දැඩි සිතින් යුතුව පන්දුවට පහර දුන් මිචෙල් මාෂ්ගේ අරමුණ වූයේ කෙසේ හෝ සිය කඩුල්ල රැකගනිමින් තරගය බේරා ගැනීමයි.
තරගයයේ විසඳුමක් කරා යා නොහැකි බව දුටු දෙපිලේ නායකයෝ අවසන් දින තේ පානයෙන් පසුව තරගය නතර කර දැමූහ.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්තේ ස්ථාවර තණතීරුවක් නොව කලින් කලට එහි ගොඩබානු ලබන තණතිීරුවකි. මෙම තණතීරුවෙන් පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් නොලැබීම සම්බන්ධයෙන් දෙපිලෙන්ම විවේචන එල්ල විය.
“මේ වගේ එකකින් කාටවත් වැඩක් වෙන්නේ නෑ...මේ තණතීරුවේ පන්දු යවන්නන්ට කිසිම සහයෝගයක් තිබුණේ නෑ”
“මෙතැන පන්දුවට පහර දීමෙන් මා මහත් වින්දනයක් ලැබුවා. අන්තිම පැයේදී ඒක අතහරින්න සිදුවෙච්ච එක නම් අපරාදේ.....මට තව ටිකක් වෙලා එතන ඉන්න තිබුණා” යයි ස්ටීවන් ස්මිත් තරගයෙන් අනතුරුව පැවසීය.
පළමු තරගයේදී නොදැවී ලකුණු 141 ක් ලබාගත් ස්මිත් පර්ත්හිදී පැවැති තුන්වැනි තරගයේදී ලකුණු 239 ක් ලබාගත්තේය. ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ලකුණු 65 කට කඩුලු 2 ක් දැවී තිබියදී පිටියට පිවිසි ස්මිත් තරගය බේරාගනිමින් සිය ශතකය කරා යද්දී අද උදෑසන තවත් ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ දෙදෙනෙක් දැවී ගියහ.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වරෙක ලකුණු 178 කට කඩුලු 4 ක් අහිමි කරගෙන සිටියද ස්මිත් සහ මිචෙල් මාෂ් අධිෂ්ඨානශීලීව පන්දුවට මුහුණ දෙමින් තරගය බේරා ගත්හ.
පන්දු යවන්නන්ට නැති වූවත් ඕස්ටේ්‍රලියානු පිල මුල් ඉනිමේදී ලකුණු 327 කට සීමා කිරීම සම්බන්ධයෙන් නම් එංගලන්ත නායක ජෝ රූට් තෘප්තිමත්ව සිටියේය. එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 244 ක් ලබාගත් ඇලිස්ටෙයාර් කුක් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
අළු බඳුන තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.