Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 140 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 7 ක ජයක් ලැබීමට අද (09 වැනිදා) සමත් වූහ. සාන්ත තෝමස් විදුහල මීට පෙර අවසන් වරට 2007 වසරේ අෂාන් පීරිස්ගේ නායකත්වයෙන් ජය ලබා සිටියේය.
මෙම ජයග්‍රහණයත් සමඟ සාන්ත තෝමස් විදුහල ‘නිල් මහ සටන’ තරග 140 දී 35 වැනි ජය සටහන් කරමින් රාජකීය ජයග්‍රහණ සංඛ්‍යාව ද සම කළේය. මෙම තරගයට පෙර රාජකීය විදුහල තරග 35 ක් ද, සාන්ත තෝමස් විදුහල තරග 34 ක් ද, ජය ලබා සිටියේය.
තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 122 ක ජයග්රාහි ඉලක්කය කඩුලු තුනක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
ආරම්භක පිතිකරු ශලීන් ද මෙල් පන්දු 55 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සාන්ත තෝමස් ජයග්‍රහණයේ මාවත විවර කළේය.
තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (08) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට කඩුලු හතරක් දැවී ලකුණු 148 ක් රැස්කර සිටි රාජකීය විදුහල් දෙවැනි ඉනිම ලකුණු 259 කට සීමා කිරීමට සාන්ත තෝමස් විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. සාන්ත තෝමස් විදුහලට ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.
පසිඳු සූරියබණ්ඩාර පන්දු 160 කදී කඩුල්ල රැකගනිමින් හතරේ පහර නවයක් සමගින් ලකුණු 67 ක් රැස්කරමින් රාජකීය විදුහල් දෙවැනි ඉනිමේ වැඩි ලකුණු ලාභියා බවට පත්විය.
සාන්ත තෝමස් විදුහලේ කළන පෙරේරා තරගයේ වීරයා සහ දක්ෂතම පන්දු යවන්නා ලෙස ද, උමයංග සුවාරිස් දක්ෂතම පිතිකරු ලෙස ද, ශලීන් ද මෙල් දක්ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූහ.
රාජකීය විදුහල - පළමු ඉනිම ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 158
(කමිල් මිෂාර 36, අහන් වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 35, කෞෂාන් කුලසූරිය 28, කළන පෙරේරා 54/6, ශනෝන් ප්‍රනාන්දු 27/4)
සාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම ඕවර 78.5 කදී සියලු දෙනා දැවී 296
(ශලීන් ද මෙල් 21, රයන් ප්‍රනාන්දු 60, යොහාන් පෙරේරා 49, උමයංග සුවාරිස් 62, කළන පෙරේරා 62, කමිල් මිෂාර 70/3, ගිෂාන් බාලසූරිය 66/2, කවිඳු පතිරත්න 83/3)
රාජකීය විදුහල - දෙවැනි ඉනිම ඕවර 108.2 කදී සියලු දෙනා දැවී 259
(ඉසිවර දිසානායක 20, කමිල් මිෂාර 34, කවිඳු මදාරසිංහ 25, අහන් වික්‍රමසිංහ 26, භාග්‍ය දිසානායක 21, කවිඳු පතිරත්න 24, පසිඳු සූරියබණ්ඩාර 67, කළන පෙරේරා 102/3, ඩෙලන් පීරිස් 53/2, යොහාන් පෙරේරා 15/2)
සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම ඕවර 20 කදී කඩුලු 2 ට 124
(සිතාර හපුහින්න 34, ශලීන් ද මෙල් නොදැවී 67)
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.