Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සූරියවැව අහසේත් වැසි වළාකුළු

සූරියවැව අහසේත් වැසි වළාකුළු

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (11 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වේ.

උපුල් තරංග, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ජෙහාන් මුබාරක්, නිරෝෂන් දික්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න සහ ශාමින්ද එරංග යන ටෙස්ට් ක‍්‍රීඩකයන් අට දෙනා සහ එක්දින තරග 18 කට ක‍්‍රීඩා කර ඇති අෂාන් ප‍්‍රියංජන් මෙම තරගයට සහභාගි වන ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ඇතුළත්ව සිටිති.

ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු ගමගේ සහ කසුන් මධුසංඛ වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති. පිට දඟ පන්දු යවන තරිදු කෞෂාල් සහ දකුණතින් පා දග පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න නිත්‍ය දග පන්දු යවන්නන් ලෙස සංචිතය නියෝජනය කරති.

ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහතාගේ පුත් දකුණත් පිතිකරු මාධව වර්ණපුර ද මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලේ නායකයා ලෙස 26 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක කාලෝස් බ‍්‍රැත්වයිට් කටයුතු කරයි. තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන කාලෝස් එක්දින තරගයකට පමණක් ක‍්‍රීඩා කර තිබේ.

මෙම සංචාරයට සහභාගි වී සිටින කොදෙව් ‘ඒ’ පිලේ සුනිල් ඇම්බි‍්‍රස් පමණක් කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති වීම කැපී පෙනේ. කොදෙව් සංචිතයේ 10 දෙනෙකුම ටෙස්ට් ක‍්‍රීඩකයන් වන අතර සෙසු ක‍්‍රීඩකයෝ එක්දින ක‍්‍රිඩකයෝ වෙති.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක උපුල් තරංග ඊයේ (10) පෙරවරුවේ සුරියවැව ක‍්‍රීඩාංගණයේදී පැවැති පුහුණු සැසියෙන් පසුව පැවසුවේ මෙම තරගයට ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයන් 11 දෙනාටම තරගය ඉතාමත් වැදගත් බවයි.

”අපි මේ තරගාවලියට සහභාගි වෙන්නේ ලෝක කුසලාන තරගාවලිය අත ළග තියාගෙනයි. ඒ නිසා ලෝක කුසලාන තරගාවලිය පිළිබදව බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් මෙම තරගාවලියේදී දස්කම් අතරට පැමිණිය යුතුයි. ජාතික කණ්ඩායමේ අවස්ථාව ලබා ගන්න මෙම තරගයට සහභාගි වන ක‍්‍රීඩකයන් වැඩි පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ තරගය ගොඩක් වැදගත් වෙයි”

ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ සහ උප නායකත්වය දරණ ක‍්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න කණ්ඩායමේ සිටීම නායකයා ලෙස තරංගට අමතර පීඩනයක් ද යන ප‍්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු සැපයීය.

”නෑ මම එහෙම දෙයක් හිතන්නේ නෑ. මම දැන් සංචාර දෙකක පමණ නායකයා ලෙස කටයුතු කළා. මම ජාතික කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරගාවලි දෙකටම ක‍්‍රීඩා කළා. ඒ වගේම පාකිස්තානයට එරෙහිව එක්දින තරගයේදී ද ලකුණු අතරට ආවා. මම හිතන්නේ මට වගේම සියලූම ක‍්‍රීඩකයන්ට තරගය වැදගත්”
දැඩි සුළගකින් යුත් සූරියවැව ක‍්‍රීඩාංගණයේ සිවුවැනිදින තරගයකට සහභාගි වීම පිළිබ`දව උපුල් තරංග මෙසේ අදහස් දැක්වීය.

”සූරියවැව ක‍්‍රීඩාංගණයේ මම ක‍්‍රීඩා කර තිබෙන්නෙත් එක්දින තරගවලට පමණයි. මේ මෙහි පැවැත්වෙන පළමු සිවුදින ජාත්‍යන්තර තරගය. අද පුහුණුවීම් කරන විට තේරුණා ක‍්‍රීඩාංගණය හරහා දැඩි සුළගක් හමනවා. ඒ නිසා වේග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක වෙයි. අපි බොහෝ විට ද`ග පන්දු යවන්නකු සහ වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග තරගයට එයි”

”කොදෙව් පිලට එහි ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් රැුසක් ඇතුළත්ව සිටිනවා. ඒ නිසා සැහැල්ලූවට ගන්න බෑ. ඒ වගේම ඔවුන්ගේ හො`ද වේග පන්දු යවන්නන් ඉන්නවා. ඒ නිසා මම හිතනවා අපිට හො`ද අභියෝගයක් යොමු වෙයි කියලා” යැයි තරංග වැඩි දුරටත් පැවසීය.

සූරියවැව ක‍්‍රීඩාංගණයේ ඊයේ පස්වරු 12.30 ට පමණ ශ‍්‍රී ලංකා පිලේ පුහුණු සැසිය අවසන් වීමෙන් පසුව දැඩි වර්ෂාවක් ඇද හැලූණු අතර මේ දිනවල සමස්ත දිවයිනටම පවතින වර්ෂා තත්ත්වය එම ප‍්‍රදේශයේ ද පවති.

වර්ෂාව අවස්ථාවේදී ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර නොතිබුණු අතර තණතීරුව ප‍්‍රදේශය පමණක් ආවරණය කර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ පසවරුවේ පුහුණු සැසියට සහභාගි වීමට නියමිතව තිබුණ ද වර්ෂාව හේතුවෙන් පුහුණු සැසිය අවලංගු කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.


ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
උපුල් තරංග (නායක), දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, ජෙහාන් මුබාරක්, නිරෝෂන් දික්වැල්ල, සීකුගේ ප‍්‍රසන්න, ශාමින්ද එරංග, විශ්ව ප‍්‍රනාන්දු, ළහිරු ගමගේ, මාධව වර්ණපුර, රොමේෂ් බුද්ධික, තරිදු කෞෂාල් සහ කසුන් මධුසංඛ

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම:
කාලෝස් බ‍්‍රැත්වයිට්(නායක), අසාද් ෆුඩින්, ක්‍රෙග් බ‍්‍රැත්වයිට්, කර්ක් එඞ්වඞ්ස්, සුනිල් ඇම්බි‍්‍රස්, ජොනතන් කාටර්, ජර්මේන් බ්ලැක්වුඞ්, චැඞ්වික් වෝල්ටන්, ඇන්ඩෲ ෆ්ලෙචර්, නිකීතා මිලර්, දේවේන්ද්‍ර බිෂූ, ෂේන් ෂිලිංෆෝඞ්, මිගෙල් කමින්ස්, ෂෙල්ඩන් කොටි‍්‍ර සහ ශනොන් ගේබි‍්‍රයල්

 

 


අදහස් (0)

සූරියවැව අහසේත් වැසි වළාකුළු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.