Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය හමුවේ ලද 3-0 ක තරගාවලි පරාජයේ අමිහිරි මතකයත්, ශ්‍රී ලංකාවේ මේදිනවල පවතින දේශපාලන අවිනිශ්චිතතාවත් සහමුලින්ම අමතක කරමින් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙමින් සිටී. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමුවැන්න හෙට (15 වැනිදා) වෙලින්ටන් නුවර බේසින් රිසව් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
දාම් ලෑල්ලේ ඉත්තන් ලෙසින් කණ්ඩායමේ පුහුණුකරුවන් එහා මෙහා කෙරෙනවා මදිවාට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුහුණ දී සිටින අලුත්ම පීඩනය වන්නේ එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකත්වය අහිමි වීමයි. එංගලන්තයට එරෙහිව තරග කිරීමට කණ්ඩායම තෝරා ගනිද්දී සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සඳහා නායකයකු වශයෙන් එකම තෝරාගැනීම වූ චන්දිමාල්ට මේ වන විට එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකත්වය අහිමි වී තිබේ.
ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා වන දිමුත් කරුණාරත්න පසුගිය දිනෙක නවසීලන්තයේ ඩොමීනියන් පෝස්ට් පුවත් පතට කියා සිටියේ පවතින තත්ත්වය අමතක කර ක්‍රිකට් ක්‍රීඩාව ගැනම අවධානය යොමු කිරීම අසීරු කරුණක් බවයි. එහෙත් වෘත්තීය ක්‍රීඩකයන් ලෙසින් තමන්ට එය කෙසේ හෝ කරන්නට සිදුව තිබෙන බවද ඔහු පිළිගත්තේය.
“මේ ආකාරයට එක එක්කෙනා මාරු වෙන එක හසුරුවා ගැනීම ඒ තරම් පහසු දෙයක් නෙමේ.....ඒත් අපි අපේ මූලිකාංග ගැන හිත් යොමු කරලා තත්ත්වය පාලනය කරගන්න බලනවා” යයි ඔහු වෙලින්ටන්හි ඩොමීනියන් පෝස්ට් පුවත් පතට කියා තිබිණ.
“මේක අපේ ප්‍රශ්නයක් නෙමේ. ඒ නිසා අපි පුළුවන් තරම් එකතු වෙලා, අපේ හොඳම දස්කම් යොදවලා තරගය ජයගන්න බලනවා” යයිද කරුණාරත්න කියා තිබිණ.
එංගලන්තය හමුවේ ලද 3-0 තරගාවලි පරාජයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානයට ඇද වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කිරීමට සිදුව ඇත්තේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 4 වැනි ස්ථානයේ සිටින නවසීලන්ත පිලට එරෙහිවය. මෙම තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානම් වන නවසීලන්ත පුහුණුකරු ගැරී සටේඞ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සැහැල්ලුවෙන් නොගන්නා බව කියා සිටී.
“අපේ හාදයන්ට තවමත් දීර්ඝ ගුවන් ගමනක වෙහෙස දැනෙනවා. අනෙක ඉතාමත් මන්දගාමී, පන්දුව පහතින් ඇදී එන, දඟ කැවෙන සුළු තණතීරුවල ක්‍රීඩා කරපු අපිට දින කිහිපයක වෙනසකින් පස්සේ පන්දුව වේගයෙන් එන, ඉපිළීමකින් යුත් හරිත පැහැ ක්‍රීඩාංගණ වලට හුරුවෙන්න වෙලා තියෙනවා” යයි නවසීලන්ත පුහුණුකරුවා කීවේය.
තත්ත්වය එසේ වුවත් නවසීලන්ත සංචිතයට අයත් වන්නේ ක්‍රීඩකයන් 13 දෙනකු පමණි. ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ 17 දෙනෙක් සිටිති.
පිතිකරුවකු වශයෙන් ඉතා හොඳින් දක්ෂතා අතර සිටින නවසීලන්ත නායක කේන් විලියම්සන් සිය වේගපන්දු බලඇණිය කදිමට මෙහෙයවමින් සිටී. නවසීලන්ත කණ්ඩායට අත්‍යවශ්‍යම ක්‍රීඩකයන් වන නීල් වැග්නර්, ටේරන්ට් බෝල්ට් සහ ටිම් සවුති තිදෙනාගෙන් ආරක්‍ෂා වීම ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ ඇති බරපතළම අභියෝගයයි.
ජේෂ්ඨ ක්‍රීඩකයෙකු මෙන්ම මුල් පෙළ පිතිකරුවකුද වන ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් නැවතත් එක්වී ඇතත් තිරිමාන්න අවසන් වරට ටෙස්ට් තරගයට ක්‍රීඩාකළේ 2017 නොවැම්බර් මාසයේදීය. ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියේ ජේෂ්ඨම පන්දු යවන්නා වන සුරංග ලක්මාල් පසුගිය තරගාවලි කිහිපයේදී ඔහුගේ දක්ෂතා ඉහළ දමාගැනීමට සමත්විය. නවසීලන්තය වැනි වේග පන්දු යවන්නන්ට හිතකර තත්ත්වයකදී ලක්මාල්ගේ පන්දු යැවීම වඩාත් විචාරයට ලක්වනු ඇත. පැයට කි.මී 145 ක වේගයෙන් පන්දු යවන නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාරට අනපේක්ෂිත ජවයක් ශ්‍රී ලංකා පිලට ගෙන එතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර පිතිකරුවන් නොමැතිවීම බරපතළම අවාසියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.