Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හතුරුසිංහ ආපසු කැඳවයි

හතුරුසිංහ ආපසු කැඳවයි

Nisanka Sandeepani - 2019 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

දෙරට අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයන් සහ කණ්ඩායමේ කළමණාකාරිත්වය  දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ වන විට දකුණු අප්‍රිකාවට ගොස් සිටින අතර ඒ මහතා ඊයේ (14) විශේෂ දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී හතුරුසිංහ මහතා නැවත කැඳවීම ස්ථිර බවත් ඈෂ්ලි ද සිල්වා මහතා ඒ සඳහා දකුණු අප්‍රිකාවට පිටත්කර හැරි බවත් පැවසීය. 

“හතුරුසිංහ විස්සයි20 තරගාවලියට ඉන්නෙ නෑ. විස්සයි20 තරග තුනේදී ස්ටීව් රික්සන් මහතා තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරනවා”

“හතුරුසිංහ විස්සයි20 තරගවලට ඉදලා වැඩක් නෑ. ඔහුගෙන් ලෝක කුසලාන තරගාවලියට සැළැස්ම ලබාගත යුතුයි” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තාවකාලික පුහුණුකරු ලෙස පත්කර ඇති ස්ටීව් රික්සන් මහතා ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.    

 

 


අදහස් (0)

හතුරුසිංහ ආපසු කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.