Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයිද්‍රාබාද් ලකුණු 118 කින් බැංගලෝර් පරදවයි

හයිද්‍රාබාද් ලකුණු 118 කින් බැංගලෝර් පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජොනි බෙයාස්ටෝ (114) සහ ඬේවිඞ් වෝනර් (නොදැවී 100) පැවැත්වූ ලකුණු 185 ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවයෙන් ගොඩනැගුණු දැවැන්ත ඉනිම නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අද (31) දිනයේ පළමු තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල ලකුණු 118 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේ 11 වැනි තරගය වන මෙම තරගය හයිද්‍රාබාද්හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

මෙය අයි.පී.එල්. තරගයකදී ලකුණුවලින් ලැබූ හයවැනි ඉහළතම ජයග්‍රහණය වේ. මුම්බායි ඉන්දියන්ස් පිල 2017 වසරේ ලකුණු 146 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිස් පිල පරාජය කරමින් ඉහළතම ලකුණු ජයග්‍රහණයට හිමිකම් කියයි.

ලකුණු 232 ක දැවැන්ත ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් ඉනිම ඕවර 19.5 කදී ලකුණු 113 කට සීමාවිය.

ඇෆ්ගනිස්තාන් දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් නබී සිය පළමු ඕවර තුන තුළදී ප්‍රබල පිතිකරු ඒ. බී. ඩිවිලියස් (01) ඇතුළු පිතිකරුවන් තිදෙනකු දවාගනිමින් බැංගලෝර් පිලේ කොන්ද කඩා දැම්මේය.

මොහොමඞ් නබී සිය අවසන් ඕවර ඉනිම අටවැනි ඕවරය ලෙස සම්පූර්ණ කරමින් ලකුණු 11 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් විය.

බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි ලකුණු තුනකට දැවී යෑම හයිද්‍රාබාද් පිලට අමතර වාසියක් බවට පත්විය.
ජොනි බෙයාස්ටෝ සහ ඬේවිඞ් වෝනර් පැවැත්වූ ලකුණු 185 ක ආරම්භක සම්බන්ධතාව වසර 12 ක අයි.පී.එල්. ඉතිහාසයේ පළමු කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව මෙන්ම ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් දෙවැනි ඉහළතම සම්බන්ධතාව වේ. මෙය අයි.පී.එල්. තරගයකදී වාර්තා වූ හයවැනි ඉහළතම සම්බන්ධතාව ද වේ.

අයි.පී.එල්. තරගයක එකම ඉනිමේදී ආරම්භක පිතිකරුවන් දෙපළ ශතක රැස්කළ පළමු අවස්ථාව ද මෙය වේ.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් ගෞතම් ගාමීබීර් සහ ක්‍රිස් ලීන් 2017 වසරේ 184 ක නොබිඳු සම්බන්ධතාවක් පවත්මින් මීට පෙර ඉහළතම ආරම්භක සම්බන්ධතාවට හිමිකම් කීහ.

බැංගලෝර් පිල වෙනුවෙන් විරාට් කෝලි සහ ඒ. බී. ඩිවිලියස් 2016 වසරේ දෙවැනි කඩුල්ලට ලකුණු 229 ක සම්බන්ධතාවක් පවත්වමින් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ඉහළතම සම්බන්ධතාවට හිමිකම් කියති.

හයිද්‍රාබාද් පිල රැස්කළ මෙම ලකුණු 231 ක අයි.පී.එල්. ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ 10 වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ.

ඬේවිඞ් වෝනර් පන්දු 55 කදී හතරේ සහ හයේ පහර පහ බැගින් ඇතුළත් කරමින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේය.  

ජොනි බෙයාස්ටෝ ක්‍රීඩාංගණයට රැස්ව සිටි 30,000 කට අධික ප්‍රේක්‍ෂකයන් අමන්දානයට පත්කරමින් පන්දු 57 කින් ලකුණු 114 ක් කිරීමට සමත් විය. බෙයාස්ටෝගේ ඉනිම හතරේ පහර 12 කින් සහ හයේ පහර හතකින් වර්ණවත් වූ අතර ඔහුගේ ශතකය පන්දු 52 කින් ලකුණු පුවරුවේ සටහන් විය.

ආරම්භක පිතිකරු වූ ජොනි බෙයාස්ටෝ සහ ඬේවිඞ් වෝනර් පන්දු 98 කින් රැස්කළ ලකුණු 185 හේතුවෙන් බැංගලෝර් පන්දු යවන්නෝ අසරණ වූහ.

ඉන්දීය ප්‍රබල පන්දු යවන්නන් වන උමේෂ් යාදේව් (47/0) සහ යුෂ්වෙන්ද්‍ර චාහල් (44/1) මෙහිදී දැඩි ප්‍රහාරයකට ලක්වුහ.

 බෙයාස්ටෝ  සහ වෝනර් පළමු ඕවර හයට ලකුණු 59 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත්හ.   
බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් කටයුතු කරන අතර හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කේන් විලියම්සන් මෙම තරගයට සහභාගි නොවීය.


සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලු 2 ට 231
(ජොනි බෙයාස්ටෝ 114, ඬේවිඞ් වෝනර් නොදැවී 100)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 113
(කොලින් ඩී ග්‍රැන්ඞ්හොමි 37, රේ බාමන් 19, උමේෂ් යාදේව් 14, මොහොමඞ් නබී 11/4, සංදීප් ශර්මා 19/3)

 

ඡායාරූප -  අයි.පී.එල් නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි

- 048


අදහස් (0)

හයිද්‍රාබාද් ලකුණු 118 කින් බැංගලෝර් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.