Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 38 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (21) පැවැති පළමු තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ කඩුලු නවයකින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
හයිද්‍රාබාද් පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරග නවකින් පස්වැනි ජය ලැබීය.
හයිද්‍රාබාද් පිල ලකුණු 160 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 15 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ජොනි බෙයාස්ටෝ පන්දු 43 කින් නොදැවී ලකුණු 80 රැස්කළේය. බෙයාස්ටෝගේ ඉනිමට හතරේ පහර හතක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය.
ඬේවිඞ් වෝනර් මෙවර තරගාවලියේ සිය හයවැනි අර්ධ ශතක වාර්තාකරමින් පන්දු 38 කදී හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් සමගින් ලකුණු 67 ක් රැස් කළේය.
වෝනර් මෙවර තරගාවලියේ මේ වන විට තරග නවයකදී ශතකයක් සහ අර්ධ ශතක හයක් රැස්කර තිබේ.
හයිද්‍රාබාද් පිලේ ආරම්භක පිතිකරුවන් වන ඬේවිඞ් වෝනර් සහ ජොනි බෙයාස්ටෝ පන්දු 74 කින් ලකුණු 131 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
පළමුව පන්දුවට පහර දුන් කොල්කටා පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ක්‍රිස් ලීන් පන්දු 47 කදී හතරේ පහර හතරක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
හයිද්‍රාබාද් පිලේ නායක කේන් විලියම්සන් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී 8 ට 159
(ක්‍රිස් ලීන් 51, සුනිල් නරීන් 25, රිංගු සිං 30, ඇන්ද්‍රි රසල් 15, බුවනේෂ්වර් කුමාර් 35/2, කලීල් අහමඞ් 33/3)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 15 කදී කඩුලු 1 ට 161
(ඬේවිඞ් වෝනර් 67, ජොනි බෙයාස්ටෝ නොදැවී 80)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.