Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 13 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 3 කට සහභාගි වූ හයිද්‍රාබාද් කණ්ඩායම එම තරග 3 න්ම ජය ලැබීය.
කොල්කටා නයිට්රයිඩර්ස්, කිංග්ස් XI පන්ජාබ්, චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන රෝයල්ස් යන කණ්ඩායම් හතරම තරග 2 බැගින් ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටිති. එහෙත් දළ ලකුණු වේගය අනුව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයත්, කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එහි තෙවැනි ස්ථානයත් හිමිව තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම් පිළිවෙලින් සිවුවැනි සහ පස්වැනි ස්ථානවල රැදී සිටිති.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිලිස් කණ්ඩායම් එක් තරගය බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බගින් ලබා පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි සහ හත්වැනි ස්ථානවලට පත්ව සිටිති. ඉතුක් වසරේ ශූරයන් බවට පත්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වසරේදී තවමත් එක් තරගයක් හෝ ජයගැනීමට සමත්වී නැත. ඒ අනුව ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.
රාජස්ථාන රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 3 කදී අර්ධ ශතකයක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 178 කි. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 92 සැම්සන්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 89.00 ක් ලෙස සටහන් වේ.
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ඔන්ඩි්‍ර රසල් (තරග 4 කදී ලකුණු 153) සහ දිල්ලි ඩෙයාර් ඩෙවිලිස් කණ්ඩායමේ රිසාබ් පාන්ට් (තරග 4 කදී ලකුණු 138) පිළිවෙළින් වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ සුනිල් නරේන් සමත් වී ඇති අතර තරග 4 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7 කි. දිල්ලි ඩෙයාර් ඩෙවිලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගැනීම නරේන්ගේ හොඳම පන්දු යැවීම වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 11.71 ක් ලෙස සටහන් වේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මායන්ක් මාකන්ඬේ තරග 3 කදී කඩුලු 7 ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිස් වෝක්ස් තරග 3 කදී කඩුලු 7 ක් දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.
කණ්ඩායම | තරග | ජය | පරාජ | විසඳුමක් නැති | ප‍්‍රසාද ලකුණු |
සන්රයිසර්ස් හයිද්‍රාබාද් | 3 | 3 | 0 | 0 | 6 |
කොල්කටා නයිට්රයිඩර්ස් | 4 | 2 | 2 | 0 | 4 |
කිංග්ස් XI පන්ජාබ් | 3 | 2 | 1 | 0 | 4 |
චෙන්නායි සුපර් කිංග්ස් | 3 | 2 | 1 | 0 | 4 |
රාජස්ථාන් රොයල්ස් | 3 | 2 | 1 | 0 | 4 |
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 3 | 1 | 2 | 0 | 2 |
රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 4 | 1 | 3 | 0 | 2 |
මුම්බායි ඉන්දියන්ස් | 3 | 0 | 3 | 0 | 0 |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.