Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයේ පහරටම රිසි රිෂාබ් පන්ට්

හයේ පහරටම රිසි රිෂාබ් පන්ට්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නොටිංහැම්හිදී ඉන්දීය පිලට අලුතෙන්ම එක්වූ කඩුලු රකින්නා වන රිෂාබ් පන්ට් සිය ටෙස්ට් ලකුණු ලබාගැනීම ආරම්භ කළේ අදිල් රෂීඞ් හමුවේ ගැසූ හයේ පහරකිනි. සිය මුල්ම ටෙස්ට් පන්දුවට ලකුණක් ලබා නොගත් නමුත් දෙවැනි පන්දුවම හයේ පහරක් බවට පරිවර්තනය කරගත් රිෂාබ් පන්ට්ගේ පිතිහරඹය තමන් මහත් අමන්දානන්දයට පත්කළ බව ඉන්දීය පිලේ හිටපු නායකයකු වන සව්රව් ගංගුලි සටහනක් තබා තිබිණ.

මුහුණ දුන් දෙවැනි පන්දුවටම හයේ පහරකින් සංග්‍රහ කළ නමුත් නොටිංහැම්හි පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දු 51 කට මුහුණ දුන් රිෂාබ් ගැසූයේ එකම හයේ පහරක් පමණි. ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් හමුවේ රිෂාබ් ලකුණු 24 කට දැවී ගියේය.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල නියෝජනය කරමින් අයි.පී.එල්. තරගාවලියට එක්වූ රිෂාබ් සැලකෙන්නේ මහේන්ද්‍ර දෝනිගෙන් පසුව ඉන්දීය පිලේ කඩුලු රැකීමේ අත් ආවරණ බාරගැනීමට සිටින නියම සුදුස්සා ලෙසිනි.

තවමත් 20 හැවිරිදි මේ වමත් පිතිකරුවා හයේ පහර ගැසීමට දක්වන්නේ පුදුමාකාර රුචිකත්වයකි. පළමු පෙළ තරග 23 කට, දේශීය එක්දින තරග 31 කට සහ දේශීය විස්සයි-20 තරග 55 කට සහභාගි වී සිටින රිෂාබ් මෙම තරග වලදී මුහුණ දුන් පන්දු 3651 කින් 197 ක් හයේ පහර බවට පරිවර්තනය කර තිබේ.

 

ටෙස්ට් තරගයකදී හයේ පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ පිතිකරුවෝ

■    එරික් ෆ්‍රීමන් (ඕස්ට්‍රේලියාව)
■    කාලයිල් බෙස්ට් (බටහිර ඉන්දීය කොදෙව්)
■    කීත් ඩෙබංග්වා (සිම්බාබ්වේ)
■    ඬේල් රිචඞ්ස් (බටහිර ඉන්දීය කොදෙව්)
■    සෆිවුල් ඉස්ලාම් (බංග්ලාදේශය)
■    ජහුරුල් ඉස්ලාම් (බංග්ලාදේශය)
■    මාක් ක්‍රෙග් (නවසීලන්තය)
■    ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව)
■    කම්රුල් ඉස්ලාම් රබීබ් (බංග්ලාදේශය)
■    සුනිල් ඇම්බි්‍රස් (බටහිර ඉන්දීය කොදෙව්)
■    රිෂාබ් පන්ට් (ඉන්දියාව)

 


අදහස් (0)

හයේ පහරටම රිසි රිෂාබ් පන්ට්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.