Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් හමුවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි. හරීන් ප්‍රනාන්දු මහතා විසින් අද (27 වැනිදා) නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයකින් ඒ බව කියැවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි මස 9 වැනිදාට පෙර පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව නියෝග කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති දූෂිත තත්ත්වය අවසන් කර නිලවරණය පවත්වන බවත් එතෙක් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා සිය පළමු පුවත් පත් සාකච්ඡාවේදීම පැවසීය.
“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා සිය පුවත් පත් සාකච්ඡාවේදී වැඩි දුරටත් කීවේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද දහවල් ඩුබායිහිදී පවත්වා තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙන චෝදනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවල ප්‍රගතිය ගැනත් දෙදෙනා සාකච්ඡා කර තිබේ.
“මම ඔවුන් සමග කළ සාකච්ඡා ඉතාමත් සාර්ථකයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉඳන් අපිත් එක්ක කටයුතු කරාවි. මෙතෙක් ඔවුන්ගේ පැත්තෙන් කෙරී ඇති දේවල් ගැන මට වාර්තාවක් දුන්නා” යයි ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ක්‍රීඩා ඇමතිවරයා ඉදිරියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවද සටහන් කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.