Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හේරත් - සචිත‍්‍ර නවසීලන්තය කරකවා අතහරිති

හේරත් - සචිත‍්‍ර නවසීලන්තය කරකවා අතහරිති

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 22 Comment
A A A

 

රංගන හේරත්ගේ අති විශිෂ්ට පන්දු යැවීමත් සචිත‍්‍ර සේනානායකගේ අද්වීතීය සහයෝගයත් නිසා අද (31 වැනිදා) බංග්ලාදේශයේ චිතගොන් නුවරදී පැවැති තරගයේදී නවසීලන්තය ලකුණු 59 කින් පරාජය කරමින් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 120 ක් රැකගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත්  ඕවර 3.4 ක් (පන්දු 22) ක් පමණක් යවමින් ලකුණු 03 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය. හේරත්ට අනගි සහයෝගයක් දුන් සචිත‍්‍ර සේනානායක  ඕවර 3 කදී (පන්දු 18) ලකුණු 03 කට කඩුලූ 2 ක් දවාගත්තේය.

මෙම දග පන්දු යවන්නන් දෙදෙනාගේ දස්කම් හේතුවෙන් නවසීලන්ත පිලට  ඕවර 15.4 ක් අවසානයේදී ලබාගත හැකිවූයේ ලකුණු 60 ක් පමණි. එය විස්සයි:20 අන්තර්ජාතික තරගයකදී කණ්ඩායමක් දැවී ගිය තුන්වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි.

විස්සයි20 තරගයකදී කණ්ඩායමක් දැව ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙම තරගාවලියේදීම නෙදර්ලන්ත පිල ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 36 කට දැවී යාමයි. දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ කෙන්යානු පිල සාජාහිදී ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 56 කට දැවී යාමයි. 

මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායමක් විස්සයි20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල තරගයේ නියමිත  ඕවර 20 අවසානයේදී සියලූ දෙනා දැවී ලකුණු 119 ක් ලබාගත්තේය. මහේල ජයවර්ධන (25) සහ ළහිරු තිරිමාන්න (20) දෙදෙනා ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවෝ වූහ.

ලකුණු ලබාගැනීම බෙහෙවින් අසීරු වූ තණතීරුවක කුසල් ජනිත්, තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර යන තිදෙනාම 6 වැනි  ඕවරය නිමා වන විටත් දැවී ගොස් සිටියහ.

පා ඉන්නෙන් ඉවතට ඇදී ගිය පන්දුවකට ෆ්ලික් පහරක් ගැසීමට ගිය කුසල් ජනිත් දැවී ගියේ වයිඞ් පන්දුවකට ආසන්න පන්දුවකිනි. වයිඞ් පන්දුවක් ලෙස එය නම්කිරීමෙන් ගැලවීමටදෝ කඩුලූ රකින කී‍්‍රඩක ලූක් රොන්කි කළ ඉල්ලීමට සෑහෙන වේලාවකට පසුව ප‍්‍රතිචාර දැක්වූ විනිසුරු අලීම් දාර් මහතා කුසල් ජනිත් උඩපන්දුවකින් දැවී ගිය බවට තීරණය කළේය.

‘ඩිල් ස්කූප්’ පහරක් ගැසීමට යාමෙන් ඩිල්ෂාන් ලකුණු 8 කට දැවී ගිය අතර සංගක්කාරගේ ඉනිම ලකුණු 8 කට සීමා කළ වමත් වේග පන්දු යවන්නා, ටෙ‍්‍රන්ට් බෝල්ට් පන්දු 24 කදී ලකුණු 20 ක් පමණක් දෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය. ඔහුගේ පන්දු 24 න් 14 කටම ලකුණු ලබාගෙන නොතිබිණ.

මෙම තරගය පැවැත්වෙන තණතීරුවේ ලකුණු ගලාඒම තරමක් මන්දගාමීව සිදුවූ අතර මීට කලින් පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත පිල එංගලන්තයට එරෙහිව ලබාගත්තේ ලකුණු 133 ක් පමණි. පසුව එංගලන්ත පිල ලකුණු 88 කට දැවී ගියේය.

අද තරගයේදී ලසිත් මාලිංග ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර දිනේෂ් චන්දිමාල් සහ අජන්ත මෙන්ඩිස් මෙම තරගයට කී‍්‍රඩා නොකළහ. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ළහිරු තිරිමාන්න සහ රංගන හේරත් කණ්ඩායමට එක්වූහ. 

ලකුණු පුවරුව

තරගයේ උණුසුම් අවස්ථා ...


අදහස් (22)

හේරත් - සචිත‍්‍ර නවසීලන්තය කරකවා අතහරිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.