Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හෝල්ඩර් කොදෙව් පිලට ජය ගෙනෙයි

හෝල්ඩර් කොදෙව් පිලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේසන් හෝල්ඩර්ගේ (44/5 සහ 59/6) විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත්විය. බංග්ලාදේශයට එරෙහිව ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 166 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 335 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ දෙවැනි ඉනිම ජේසන් හෝල්ඩර්ගේ පන්දු යැවීම හමුවේ ලකුණු 168 කට සීමාවිය. ඕවර 13 ක් යැවූ ජේසන් හෝල්ඩර් නිලකුණු ඕවර 3 ක් සමගින් ලකුණු 59 කට කඩුලු 6 ක් දවාගත්තේය.

එක් අවස්ථාවක කඩුලු 4 කට ලකුණු 121 ක් රැස්කරමින් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූවද අවසන් කඩුලු 6 ලකුණු 47 ක් තුළ දවාගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වුහ.

අර්ධ ශතකයක් ලබාගත් සකීබ් අල් හසන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 54 ක සම්බන්ධතාවයක් පැවැත්වුවද මුෂ්ෆිකූර් රහීම් ලකුණු 31 කට දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවය බිඳ වැටුණි.

බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාවක් ලබානොදුන් කොදෙව් පන්දු යවන්නෝ ජයග්‍රහණය තෙක් එක එල්ලයකට පන්දු යැවූහ.
බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 129 ක් තුළ අවසන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.

දෙවැනි දිනය (13 වැනිදා) සඳහා තරගය අවසන් කරනවිට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 224 ක් ඉදිරියෙන් සිටියේය. නමුත් තරගයේ තෙවැනි දිනයේ උදෑසන පන්දුවට පහරදීමට පැමිණි කොදෙව් කණ්ඩායමට ඉතිරි කඩුලු 9 ලකුණු 110 ත් තුළ අහිමිකර ගැනීමට සිදුවිය.

බංග්ලාදේශ දඟපන්දු යවන්නන් හමුවේ පළමු ඉනිමේදී සාර්ථක පිතිහරඹයක නිරතවීමට කොදෙව් පිතිකරුවන් සමත්වූවද දෙවැනි ඉනිමේදී එහි වාඩුව ගත් ඔවුන් කඩුලු 9 ක් ඉක්මනින් දවාගැනීමට සමත්වූහ. එක් කඩුල්ලක් වේගපන්දු යවන ක්‍රීඩක අබූ ජායේද්ට හිමිවිය. 

පළමු ඉනිමේදී කඩුලු ලබාගැනීමට සකීබ් අල් හසන්ට නොහැකි වුවද දෙවැනි ඉනිමේදී කොදෙව් පිතිකරුවන් හය දෙනෙකුම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔහුට හැකිවිය. පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ මෙහෙදි හසන් දෙවැනි ඉනිමේදීද කඩුලු 2 ක් දවාගනිමින් කොදෙව් ඉනිම අවසන් කිරීමට දායකත්වය දැක්වීය.

 

බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම - ඕවර 112 කදී සියලු දෙනා දැවී 354 
(ක්‍රේග් බ්‍රැත්වේට් 110, කිරන් පවෙල් 29, ශායි හෝප් 29, ශිම්රොන් හැට්මෙයර් 86, රොස්ටන් චේස් 20, ජේසන් හෝල්ඩර් නොදැවී 33, මෙහෙදි හසන් 93/5, අබූ ජයේද් 38/3, තයිජුල් ඉස්ලාම් 82/2) 

බංග්ලාදේශ පිල - පළමු ඉනිම - ඕවර 46.1 කදී සියලු දෙනා දැවී 149  
(ටමීම් ඉක්බාල් 47, සකීබ් අල් හසන් 32, මුෂ්ෆිකුර් රහීම් 24, ජේසන් හෝල්ඩර් 44/5, ශැනොන් ගේබි්‍රයෙල් 19/2, කීමෝ පෝල් 25/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - දෙවැනි ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 129 
(රොස්ටන් චේස් 32, සකීබ් අල් හසන් 33/6, මෙහෙදි හසන් 45/2)

බංග්ලාදේශ පිල - දෙවැනි ඉනිම - ඕවර 42 කදී සියලු දෙනා දැවී 168  
(ලිටන් දාස් 33, සකීබ් අල් හසන් 54, මුෂ්ෆිකූර් රහීම් 31, ජේසන් හෝල්ඩර් 59/6, රොස්ටන් චේස් 20/2)


අදහස් (0)

හෝල්ඩර් කොදෙව් පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.