Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ළහිරු තිරිමාන්න පිඹුරු දඩයමක

ළහිරු තිරිමාන්න පිඹුරු දඩයමක

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිඹුරු දඩයමක් කළාක් මෙන් දිගු කලකට පසුව විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ළහිරු තිරිමාන්න බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී ලබාගත් ලකුණු 168 නිසා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය මුල් ඉනිමේදී කඩුලු 8 ක් දැවී ලකුණු 449 ක් ලබාගත්තේය. වර්ෂාවෙන් බාධා වූ මෙම තරගයේදී වේලාසනින්ම වැඩ ඇල්ලූ ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ බංග්ලාදේශ ‘ඒ’ ඉනිමේදී පිතිකරුවන් දෙදෙනකුම ආපසු හරවා යැවූහ.

බංග්ලාදේශයේ වෙරළ අද්දර පිහිටි නගරයක් වන චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් වර්ෂාවෙන් බාධා ඇතිවූ මුල් දිනයේදී යැවුණු ඕවර 60.2 කදී කඩුලු 4 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 171 ක් පමණි. පළමු කඩුල්ල ලකුණු 12 දී බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි ළහිරු තිරිමාන්න පළමු දිනය නිමා වන විට නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේය. ඊයේ නැවැත්වූ තැනින් අද ආරම්භ කළ තිරිමාන්න ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ හිටපු නායකයා වූ චරිත් අසලංක සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 156 ක් එක්කළේය.

අසලංක දැවීයාමෙන් අනතුරුව 19 න් පහළ කණ්ඩායමේ සිටි තවත් පිතිකරුවකු වන සම්මු අශාන් පිටියට ගෙන්වා ගත් තිරිමාන්න ඔහු සමග හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 119 ක් එක්කළේය. පැය නවයකට වැඩි කාලයක් (විනාඩි 558 ක්) පුරා පිටියේ රැඳෙමින් පන්දු 339 කට මුහුණ දුන් තිරිමාන්න හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය.

පන්දු 155 කට මුහුණ දුන් චරිත් අසලංක හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කළ අතර සම්මු අශාන්ගේ ලකුණු 70 ඉනිම තරමක් වේගවත් එකක් විය. පන්දු 97 කට මුහුණ දුන් සම්මු අශාන් හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් අලංකාර කළේය.

හෙට තරගයේ තුන්වැනි දිනයයි.

 

ලකුණු  පුවරුව

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.කාලීඞ් අහමඞ්    60
ළහිරු මිලන්ත - ඇ.සකීර්  හසන් ප.කාලීඞ් අහමඞ්    4
ළහිරු තිරිමාන්න - ඇ.අෆිෆ් හොසේන් ප.නසිමුල් ඉස්ලාම්    168
අශාන් ප්‍රියන්ජන්  - ඇ.සකීර් හසන් ප.අබු හයිදර්    23
සධීර සමරවික්‍රම - ක.මු.කළා ප.කාලීඞ් අහමඞ්    2
චරිත් අසලංක  - දුවද්දී දැවී ගියා    90
සම්මු අශාන්  - ඇ.සකීර් හසන් ප.අබු හයිදර්    70
නිසල තාරක ගමගේ - ඇ.ශබීර් රහමන්    20
දසුන් මධුශංක - නොදැවී     0
අතිරේක    12
එකතුව ඕවර 131.1 කදී කඩුලු 8 ක් දැවී     449
කඩුලු වැටීම
1-12(මිලන්ත), 2-97(කරුණාරත්න), 3-143(ප්‍රියන්ජන්), 4-146(සමරවික්‍රම), 5-302(අසලංක), 6-421(සම්මු අශාන්), 7-449(තාරක), 8-449(තිරිමාන්න)
පන්දු යැවීම :
අබු හසිදර් : 19-3-69-2, කාලිඞ් අහමඞ් : 27-6-92-4, නයීම් හසන් : 25-2-82-0, මොහොමඞ් යසිෆුඩීන් : 17-3-41-0, නසිමුල් ඉස්ලාම් : 19.1-1-73-1, මොසඩක් හොසේන් : 12-2-44-0, සෞම්‍ය සාර්කර් : 12-1-41-0


බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම  - පළමු ඉනිම

ශද්මන් ඉස්ලාම් - ප.අසලංක    1
සෞම්‍ය සාර්කර් - ප.ගමගේ    21
තුෂාර් ඉම්රාන්  - නොදැවී     12
මොසඩක් හොසේන්  - නොදැවී     8
අතිරේක    2
එකතුව - ඕවර 17 කදී කඩුලු 2 ක් දැවී     44
කඩුලු වැටීම
1-21(සෞම්‍ය සාර්කර්), 2-29(ශද්මන් ඉස්ලාම්)
පන්දු යැවීම
තාරක ගමගේ : 6-2-13-1, දසුන් මධුශංක : 5-0-19-0, චරිත් අසලංක : 3-0-10-0, ප්‍රභාත් ජයසූරිය : 3-1-02-0

 


අදහස් (0)

ළහිරු තිරිමාන්න පිඹුරු දඩයමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.