Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඒරන් ෆින්ච්ගේ (153) විශිෂ්ඨ පිතිහරඹය හමුවේ පාකිස්තානයට එරෙහිව සාජාහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී පන්දු 13 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 143 කින් සිය එක්දින ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය ලබාගැනීමට ඒරන් ෆින්ච් සමත් වූයේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 11 ක්ද ඊට ඇතුළත් කරමිනි.
උස්මාන් කවාජා (88) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 220 කදී ලකුණු 209 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆින්ච් සමත් වූ අතර යසීර් ෂාගේ පන්දුවක් හමුවේ ඉමාම් උල්හක් අතට උඩ පන්දුවක් දෙමින් කවාජා දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. දැවීයන විට පන්දු 109 කට මුහුණදී සිටි කවාජාගේ ඉනිම හතරේ පහර 8 කින් සමන්විත වී තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 284 ක් ලබාගත් අතර එහිදී ශතකයක් ලබාගැනීමට මොහොමඞ් රිස්වාන් (115) සමත් විය. පන්දු 126 කදී වාර්තා වූ රිස්වාන්ගේ මංගල එක්දින ශතකය හතරේ පහර 11 කින් සමන්විත විය.
නායක ෂොයිබ් මලික් (60) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 163 කදී ලකුණු 127 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රිස්වාන් සමත් විය. පන්දු 61 කදී ලබාගත් මලික්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
එහිදී ජේ රිචඞ්සන් සහ නේදන් කූල්ටර් නයිල් කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 කට 284
(ෂාන් මක්සූද් 19, හාරිස් සොහේල් 34, මොහොමඞ් රිස්වාන් 115, උමාර් අක්මාල් 16, ෂොයිබ් මලික් 60, ෆාහීම් අෂ්රෆ් 14, ඉමාඞ් වසීම් නොදැවී 19, ජේ රිචඞ්සන් 16/2, නේදන් කූල්ටර් නයිල් 52/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 47.5 කදී කඩුලු 2 කට 285
(උස්මාන් කවාජා 88, ඒරන් ෆින්ච් නොදැවී 153, ග්ලේන් මැක්ස්වෙල් 19, ෂොන් මාෂ් නොදැවී 11)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.