Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ෆකාර් සමාන් පාකිස්තානයේ ජය පහසු කරයි

ෆකාර් සමාන් පාකිස්තානයේ ජය පහසු කරයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෆකාර් සමාන්ගේ (නොදැවී 117) අගනා ශතකය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව බුලවායෝහිදී අද (16 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඕවර 36 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ෆකාර් සමාන් පන්දු 129 කදී හතරේ පහර 16 ක් සමග නොදැවී ලකුණු 117 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් (44) සමග එක්ව පන්දු 124 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆකාර්, ඉන් නොනැවදී බාබර් අසාම් (නොදැවී 29) සමග එක්ව පන්දු 92 කදී ලකුණු 76 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 49.2 ක් අවසානයේ ලකුණු 194 කට සීමා කිරීමට උස්මාන් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ උස්මාන් ඛාන් ලකුණු 36 කට කඩුලු 4 ක් දවාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීම සඳහා මනා දායකත්වයක් සැපයූ ශඩාබ් ඛාන් ලකුණු 32 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක හැමිල්ටන් මසකඞ්සා පන්දු 75 කදී ලකුණු 59 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. සිම්බාබ්වේ ඉනිම ගොඩනැගීම සඳහා මසකඞ්සාට අනගි සහායක් දුන් පීටර් මුවර් පන්දු 86 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.


සිම්බාබ්වේ - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 194
(හැමිල්ටන් මසකඞ්සා 59, ටරිසායි මුසකන්ඩා 24, පීටර් මුවර් 50, රයන් මුරේ 16,
උස්මාන් ඛාන් 36/4, හසන් අලී 32/3)

පාකිස්තානය - ඕවර 36 කදී කඩුල්ලක් දැවී 195
(ඉමාම් උල්හක් 44, ෆකාර් සමාන් නොදැවී 117, බාබර් අසාම් නොදැවි 29)


- 036

 


අදහස් (0)

ෆකාර් සමාන් පාකිස්තානයේ ජය පහසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.