Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘මගේ තාත්තා මගේ වීරයා’ යන තේමාව යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ පාසල් නියෝජනය කරමින් පැවැති ‘මයි ඩැඞ් මයි සුපර්ස්ටාර්’ ක්‍රිකට් තරගාවලියේ ‘සුපර් ඩෑඞ් කුසලාන’ දිනාගැනීමට රොමේෂ් කළුවිතාරණ නායකත්වය දැරූ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය.
‘සුපර් ඩෑඞ් කුසලාන’ සඳහා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී කොළඹ ශාන්ත පිතර විද්‍යාලයට එරෙහිව ලකුණු 24 ක ජයක් හිමිකර ගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඕවර 15 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ දිනූෂ ප්‍රනාන්දු පන්දු 20 කදී හයේ පහර 5 ක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ නෙරංජන් දාබරේ ඕවර 3 ක් යවමින් ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර මාලින්ද වර්ණපුර සහ ඇන්ජලෝ රාජරත්නම් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පිතර විද්‍යාලයට ඕවර 15 කදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 99 ක් පමණි.
සමන් ජයන්ත පන්දු 29 කදී ලකුණු 34 ක් රැස්කරමින් ශාන්ත පිතර විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මොහොමඞ් ඉක්‍රාම් සහ මනෝජ් ජූඞ් කඩුලු 2 බැගින් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
‘චැම්පියන්ස් ඩෑඞ් කුසලාන’ දිනාගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත්විය. අවසන් තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත්විය.
‘චැලේන්ජර්ස් ඩෑඞ් කුසලාන’ දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත්විය. අවසන් තරගයේදී කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව ලකුණු 8 ක ජයක් හිමිකර ගැනීමට ආනන්ද විද්‍යාලය සමත්විය.
මෙම තරගාවලියේ සියලුම තරග ඕවර 15 තරග ලෙස පැවැත්විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශාන්ත පීතර විද්‍යාලයේ සමන් ජයන්ත හිමිකර ගත් අතර අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දිනූෂ ප්‍රනාන්දු දිනාගත්තේය. එමෙන්ම තරගාවලියේ දක්ෂතම පිතිකරුවාට සහ තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවා ලෙසද සම්මාන හිමිකර ගැනීමට දිනූෂ ප්‍රනාන්දු සමත්විය. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය ශාන්ත පීතර විද්‍යාලයේ නෙරංජන් දාබරේ විසින් දිනා ගත්තේය.
‘චැම්පියන්ස් ඩෑඞ් කුසලාන’ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය වේල්ස් කුමර විද්‍යාලයේ කැළුම් ප්‍රනාන්දු විසින් හිමිකරගත් අතර ‘චැලේන්ජර්ස් ඩෑඞ් කුසලාන’ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ආනන්ද විද්‍යාලයේ තිළිණ කණ්ඩම්බි විසින් හිමිකර ගත්තේය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - ඕවර 15 කදී කඩුලු 9 ක් දැවී 123
(දිනූෂ ප්‍රනාන්දු 40, නෙරංජන් දාබරේ 17/3, මාලින්ද වර්ණපුර 29/2, ඇන්ජලෝ රාජරත්නම් 38/2)
ශාන්ත පීතර විද්‍යාලය ඕවර 15 කදී කඩුලු 6 ක් දැවී 99
(සමන් ජයන්ත 34, මොහොමඞ් ඉක්‍රාම් 19/2, මනෝජ් ජූඞ් 24/2)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.