Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby පොලිස් - ගුවන් හමුදා කී‍්‍රඩකයන් ගුටිබැට හුවමාරුවක

පොලිස් - ගුවන් හමුදා කී‍්‍රඩකයන් ගුටිබැට හුවමාරුවක

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේදී පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර හැව්ලොක්ස් පිටියේදී අද (02) පැවැති තරගයේදී දෙපිලේ ක‍්‍රීඩකයන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවෙන් ක‍්‍රීඩකයන් සිවුදෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ.

මෙහිදී ගුවන් හමුදා ක‍්‍රීඩකයන් තිදෙනකු සහ පොලිස් ක‍්‍රීඩකයකු බරපතළ තුවාල ලැබූ බවත් ඔවුහු ලේ වහනය වන තුවාල ලබා සිටි බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම ගුටිබැට හුවමාරුව හේතුවෙන් දෙවැනි අර්ධයේ 34 වැනි මිනිත්තුවේදී තරගය අත්හිටුවීමට විනිසුරු පියවර ගත් අතර ඒ වන විට පොලිස් පිල ලකුණු 34-18 ක් ලෙස පෙරමුණේ පසු විය.

ප‍්‍රධාන විනිසුරුවරයා පිරිනැමූ දඩුවම් පහර කුමන කණ්ඩායමකට යන අවබෝධයෙන් තොරව, කණ්ඩායම් දෙකේම ක‍්‍රීඩකයන් පන්දුවට පොරබදා ඇති අතර ඒ අවස්ථාවේ පොලිස් පිලේ විදේශිය ක‍්‍රීඩකයකු ගුවන් හමුදා ක‍්‍රීඩකයකුට පහරදීමත් සමගම පන්දුවට කළ පොරය දැඩි ගුටිබැට හුවමාරුවක් බවට පත්ව තිබේ.

පොලිස් පිලේ අතිරේක ක‍්‍රීඩක බංකුවේ සිටි විදේශිය ක‍්‍රීඩකයකුද ගැටුමට මැදිහත්වීමත් සමග ගැටුම දරුණු තත්ත්වයකට පත්ව තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ගුවන් හමුදා පිලේ අතිරේක ක‍්‍රීඩකයන් ගැටුමට මැදිහත් නොවූ බවයි.
 
මෙම තරගයේදී පොලිස් පිලට විදේශීය ක‍්‍රීඩකයන් සිවුදෙනකු ඇතුළත්ව සිටි අතර දෙදෙනා බැගින් අර්ධ දෙකේදී ක‍්‍රීඩා කර තිබේ. ගුවන් හමුදා පිලට දේශීය ක‍්‍රීඩකයෝ පමණක් ක‍්‍රීඩා කරති.

මෙම තරගයේ සත්කාරක පිල ලෙස පොලිස් පිල කටයුතු කළද පොලිස් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රිකට් තරගයක් පැවැත්වීම නිසා මෙම තරගය හැව්ලොක්ස් පිටියේදී පැවැත්විණි.   

 


අදහස් (0)

පොලිස් - ගුවන් හමුදා කී‍්‍රඩකයන් ගුටිබැට හුවමාරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.