Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby මහනුවර පිල සිවුවැනි ජයත් ලබයි

මහනුවර පිල සිවුවැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සති අන්තය වන අද (13 වැනිදා) මහනුවර නිත්තවෙල පිටියේදී පැවැති තරගයෙන් මහනුවර ක‍්‍රීඩකයෝ යුද හමුදා පිල පරදවා ලකුණු 44-8 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. මහනුවර පිල මෙම ජයග‍්‍රහණයත් සමඟ සහභාගි වූ තරග හතරම පහසුවෙන් ජය ලැබීමට සමත්ව සිටියි.

ජයග‍්‍රාහි මහනුවර පිල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස්කළේය. යුද හමුදා පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. මහනුවර පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-8 ක් ලෙස පෙරමුණ ගනිමින් දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 29 ක් රැස් කළේය.

මහනුවර පිල වෙනුවෙන් රිචඞ් ධර්මපාල උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීමට සමත් විය. පියුමාල් මංචනායක, ක‍්‍රිෂෝ ජෙහාන්, ෆාෂීල් මරීජා සහ ශෂික ජයවර්ධන උත්සාහක දිනුම් බැගින්  මහනුවර පිලට එකතු කළහ.

අර්ෂාඞ් ජමාල්ඞීන් ගෝල ප‍්‍රවර්ථන 4 ක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් අතිරේක ලකුණු 14 ක් මහනුවර පිලට එකතු කිරීමට සමත් විය.

ඞී. ආරියපාල, යුද හමුදා පිල වෙනුවෙන් එකම උත්සාහක දිනුම් ගෝල සීමාවේ සටහන් කිරීමට සමත් විය. යුද හමුදා පිල වෙනුවෙන් ජී. පාලින්ද දඩුවම් පහරක් සාර්ථක කළේය.   

 


අදහස් (0)

මහනුවර පිල සිවුවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.