Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ කොළඹ පැරණි තුර`ග තරග පිටියේදී අද (16) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 78-13 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කිරීමට සමත් වූහ.
මහනුවර පිල පළමු වටයේ තරග හතත් සමගින් පිට පිටම ලැබූ අටවැනි ජය මෙය වේ. මහනුවර පිල මෙම ජයග‍්‍රහණයත් සම`ග අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත්ව සිටියි.
ජයග‍්‍රාහි මහනුවර ක‍්‍රීඩකයෝ ගෝල 9 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු එකතු කර ගැනීමට සමත් වූහ. සී. එච්. පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු විය.
ප‍්‍රබල මහනුවර පිල තරගයේ ආරම්භයේ සිටම සී. එච්. පිල මර්ධනය කිරීමට සමත් විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 43-0 ක් ලෙස මහනුවර පිල පෙරමුණේ සිටියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.