Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby යුද හමුදාවට තියුණු ජයක්

යුද හමුදාවට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතිය යටතේ යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී ඊයේ (30) පැවැති තරගයෙන්ලකුණු 20-16 ක තියුණු ජයක් ලැබීමට යුද හමුදා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

ගුවන් හමුදා පිලට ගෝලයකින්, දඩුවම් පහර 2 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු එකතු විය.

ගුවන් හමුදා පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-10 ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි අර්ධයේදී යුද හමුදා පිල පෙරමුණට පැමිණියේය.

දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 8 වන විටත් ගුවන් හමුදා පිල ලකුණු 16-15 ක් ලෙස පෙරමුණේ පසුවිය.  එහෙත් අවසන් මොහොතේදී ලබාගත් උත්සාහක දිනුම නිසා යුද හමුදාවට තරගයේ ජය හිමිවිය.


- 048

 


අදහස් (0)

යුද හමුදාවට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.