Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby හැව්ලොක්ස් පිලට තියුණු ජයක්

හැව්ලොක්ස් පිලට තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හැව්ලොක්ස් පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර අද (26) සී. ආර්. පිටියේදී පැවැති තරගයෙන් හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 22-17 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රාහි හැව්ලොක්ස් පිල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කළ අතර සී. ආර්. පිලට ගෝල දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය. හැව්ලොක්ස් පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 8-3 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

මෙහිදී හැව්ලොක්ස් පිල වෙනුවෙන් සදුන් හේරත්, ඩිරන් වර්ණකුලසූරිය සහ චාමර දාබරේ උත්සාහක දිනුම් සම්පූර්ණ කිරීමට සමත් වූහ. ෆීජි ක‍්‍රීඩක විලියමි හකාලෝ ගෝල ප‍්‍රවර්ථන දෙක සම්පූර්ණ කළ අතර ජොසෙටෙකි බ‍්‍රවුන් දඩුවම් පහර සාර්ථක කළේය.

දුෂාන්ත ලෙව්කේ සී. ආර්. පිල වෙනුවෙන් උත්සාහක දිනුම් දෙක සම්පූර්ණ කළ අතර රීසා මුබාරක් ගෝල ප‍්‍රවර්ථන දෙක සහ දඩුවම් පහර සාර්ථක කළේය.   

 

- 048


අදහස් (0)

හැව්ලොක්ස් පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.