Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාගංණයේදී අද (02) පැවැති තරගයකදී මහනුවර ක‍්‍රීඩා සමාජය විසින් ලකුණු 33-25 ක් ලෙස හැව්ලොක්ස් පිල පරාජය කරන ලදි.
මහනුවර පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර හැව්ලොක්ස් පිලට ගෝලයකින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
පළමු අර්ධය අවසන් වන විට මහනුවර පිල ලකුණු 13-10 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 20 අවසන් වන විට හැව්ලොක්ස් පිල ලකුණු 20-18 ක් ලෙස නැවත පෙරමුණට පැමිණීමට සමත් විය. පසුව මහනුවර පිල ඉදිරියට ආ අතර තරගය අවසන් වීමට ආසන්නව තිබියදී මහනුවර පිල වෙනුවෙන් රිචඞ් ධර්මපාල උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු 33 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
හැව්ලොක්ස් පිල තරගය ආරම්භ වී පළමු විනාඩි 25 අවසන් වන විට උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කරමින් ලකුණු 10-3 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. පළමු අර්ධය අවසන් වීමට ආසන්ව තිබියදී ගයාන් වීරරත්න උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් මහනුවර පිල පෙරමුණෙන් තැබීය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.